ඇමරිකාවට අයත්වන ගුවාම් දූපතේ  වැසියන්ට සර්පයින්ගෙන් හිරිහැර සිදු වෙයි.මේ සර්පයින් ගොදුරු කර ගැනීමට විලෝපිකයින්ද  දූපතේ  නොමැත.

සර්පයින්ගේ ගොදුරු බවට පත්ව මේ වන විට ගුවාම්හි පක්ෂි ජනගහනයද සැළැකිය යුතු මට්ටමකට අඩුව තිබේ.කරන්නට දෙයක් නැති තැන වනජීවී බළධාරීන් තීරණය කර ඇත්තේ සොබාදම් නීතිය තමන් අතට ගෙන සර්පයින්ට දඩුවම් පැමිණවීමටයි. ඒ සදහා සර්පයින්ට ගොදුරු කර ගැනීමට හැකිවන සේ විස කවන ලද මීයන් දුපත පුරා විසිරුවා හැරීමට ඔවුන් දැනටමත් කටයුතු කර ඇත.මෙයට මීයන්  2000 ක් පමණ දුපත වෙත මුදා හැරීමට තීරණය කර ඇති අතර සර්පයින් මුලූමනින්ම වද කිරීම තමන්ගේ අරමුණ නොවන බව පවසන බළධාරීන් කිසිත් නොකර බලා සිටීමෙන් ගුවාම්හි ජෛව විවිධත්වය සදහටම විනාශව යෑමේ අවදානමක් ඇති බැවින් මෙවන් තීරණයකට එළැඹි බව කියයි.

විස කැවූ මීයන් හෙලිකොප්ටර් ආධාරයෙන් සර්ප ජනගහනය වැඩි ප්‍රදේශවෙත හෙළනු ඇත.