පවුම් 500 (රුපියල් 97500) කට ළග සිට වල්ගා තරු නැරැඹීමට අවස්ථාව ලබා දීමට ජර්මනියේ එක්ලිප්ස් ට්‍රැවල් නම් සංචාරක සේවා ආයතනයක් සැරසේ.
මෙම මස 16 වැනිදා පෘථීවිය පසුකර ගමන් ගන්නා පෙන්-ස්ටාර්ස් නම් වල්ගා තරුව උඩු ගුවනේ සිට නැරඹීමේ අවස්ථාව මෙම ආයතනයේ සේවා ලබාගන්නෙකුට හිමිවේ.තවද වසර අගභාගයේදි පෘථීවිය පසුකර යෑමට නියමිත අයිසොන් නම් වල්ගා තරුව නැරැඹීමේ අවස්ථාව ලබා දීමටද ඔවුන් සූදානම්ය.
අඩි 40000 පමණ උසකින් පියාසර කරන බෝයිංග් 737 - 700 යන වර්ගයට අයත් ගුවන්යානයක නරඹන්නන් රැදැවෙනු ඇත.මේ ගුවන් යානයක මගීන් 100 ක් රැගෙන යා හැකි වුවත් සියලු දෙනාට ගුවන්යානයේ ජනේල අසළ වාඩි වීමට අවස්ථාව ලබා දීමේ අරමුණින් නරඹන්නන් ගණන 88 කට සීමා කිරීමට තීරණය කළ බව එක්ලිප්ස් ට්‍රැවල් ආයතනය පවසයි.
අඩි 40000 ක් ඉහළ අහසේ වාතය ඉතා තුනී හා පිරිසිදු හෙයින් පෘථීවිය පසුකර යන වල්ගා තරුව හොදින් නැරැඹීමට සිය මගීන්ට අවස්ථාව සැළැසෙනු ඇතැයි එක්ලිප්ස් ට්‍රැවල් ආයතනයේ ප්‍රකාශකයෙක් සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනම් හොදයි තමයි. (නි)
ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ (දී)
මමත් යන්නයි ඉන්නේ. ෆොටෝ අරගෙන ලංකාදීපයට දෙනවා. (නි)
අනාගතය ගැන මවන්න වෙන්නේ අමුතු සිහින (දී)
බාර්ට්, ඔයාට පිස්සුද? උඩට යද්දී ප්ලේන් එකට එකක් හරි වැදුණොත්? (නි)
අපිටනම් එපා (දී)
මේවා අහනකොට අපිට තරු පෙනෙනවා.(නදී)