IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ගුවනට ගිහින් වල්ගා තරු පෙන්නයි

පවුම් 500 (රුපියල් 97500) කට ළග සිට වල්ගා තරු නැරැඹීමට අවස්ථාව ලබා දීමට ජර්මනියේ එක්ලිප්ස් ට්‍රැවල් නම් සංචාරක සේවා ආයතනයක් සැරසේ.

මෙම මස 16 වැනිදා පෘථීවිය පසුකර ගමන් ගන්නා පෙන්-ස්ටාර්ස් නම් වල්ගා තරුව උඩු ගුවනේ සිට නැරඹීමේ අවස්ථාව මෙම ආයතනයේ සේවා ලබාගන්නෙකුට හිමිවේ.තවද වසර අගභාගයේදි පෘථීවිය පසුකර යෑමට නියමිත අයිසොන් නම් වල්ගා තරුව නැරැඹීමේ අවස්ථාව ලබා දීමටද ඔවුන් සූදානම්ය.

අඩි 40000 පමණ උසකින් පියාසර කරන බෝයිංග් 737 - 700 යන වර්ගයට අයත් ගුවන්යානයක නරඹන්නන් රැදැවෙනු ඇත.මේ ගුවන් යානයක මගීන් 100 ක් රැගෙන යා හැකි වුවත් සියලු දෙනාට ගුවන්යානයේ ජනේල අසළ වාඩි වීමට අවස්ථාව ලබා දීමේ අරමුණින් නරඹන්නන් ගණන 88 කට සීමා කිරීමට තීරණය කළ බව එක්ලිප්ස් ට්‍රැවල් ආයතනය පවසයි.

අඩි 40000 ක් ඉහළ අහසේ වාතය ඉතා තුනී හා පිරිසිදු හෙයින් පෘථීවිය පසුකර යන වල්ගා තරුව හොදින් නැරැඹීමට සිය මගීන්ට අවස්ථාව සැළැසෙනු ඇතැයි එක්ලිප්ස් ට්‍රැවල් ආයතනයේ ප්‍රකාශකයෙක් සදහන් කරයි.



අදහස් (0)

ගුවනට ගිහින් වල්ගා තරු පෙන්නයි

ජෙස්මින් Thursday, 07 March 2013 01:34 AM

ඒකනම් හොදයි තමයි. (නි)

:       0       0

සකු Wednesday, 06 March 2013 04:31 PM

ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ (දී)

:       0       0

බාර්ට් Thursday, 07 March 2013 10:12 PM

මමත් යන්නයි ඉන්නේ. ෆොටෝ අරගෙන ලංකාදීපයට දෙනවා. (නි)

:       0       0

සුනිල් Wednesday, 06 March 2013 06:19 PM

අනාගතය ගැන මවන්න වෙන්නේ අමුතු සිහින (දී)

:       0       0

එරංග Friday, 08 March 2013 04:22 PM

බාර්ට්, ඔයාට පිස්සුද? උඩට යද්දී ප්ලේන් එකට එකක් හරි වැදුණොත්? (නි)

:       0       0

තුහාර Wednesday, 06 March 2013 07:18 PM

අපිටනම් එපා (දී)

:       0       0

නිෂ්තාර් Wednesday, 06 March 2013 02:12 PM

මේවා අහනකොට අපිට තරු පෙනෙනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site