IMG-LOGO

2025 අගෝස්තු මස 28 වන බ්‍රහස්පතින්දා


ගුවන්ගත වීමට ගිය යානයේ ගින්නක්

ඇමෙරිකාවේ ඩෙන්වර් නුවර සිට මියාමි නුවර තෙක් පියාසර කිරීමට නියමිතව තිබූ මගී ගුවන් යානයක හදිසියේ ගින්නක් හටගත්තේය. ඒ ගුවන් යානය ඩෙන්වර් නුවර ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වීමට සූදානම් වෙද්දීය.

පාලන මැදිරියේ උපදෙස් අනුව, ගුවන් ගමන වහා අවලංගු කළ බවත්, ගුවන් යානයේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ආරක්ෂිතව යානයෙන් පිටතට ගත් බවත් පැවැසෙයි.

යානයේ මගීන් 173 දෙනකු සිටි අතර කලබලයෙන් පිටවෙද්දී 6 දෙනකු සුළු තුවාල ලැබූ බව පැවැසෙයි.

ගිනි ගැනීම සිදුවූයේ ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737 MAX 8 වර්ගයේ ගුවන් යානයකි. ගිනි ගැනීම සිදුවූයේ ගුවන් යානයේ ලෑන්ඩින් ගියරය (රෝද) ආශ්‍රිතව යැයි පැවැසෙයි. ගිනි ගැනීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන බව ගුවන් ගමන් පාලන අධිකාරිය පවසා ඇත.



අදහස් (0)

ගුවන්ගත වීමට ගිය යානයේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14717 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 445 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 260 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site