IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගුවන් ගැබ රටා මවන කුරුල්ලෝ

ආලෝකය හා අඳුර ඇති ස්ථානයන්හි දී සැළලිහිණියන් විශේෂයක් වන ‘‘රෝස් ස්ටාලින්ස්“  අපූරු හැසිරීම් රටාවක් පෙන්වන බව වෝවික් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ කියති. දහස් සංඛ්‍යාත සැළලිහිණියන් අඳුරු අවස්ථාවේ දී එකට එක්ව පියඹා යන්නේ මුද්‍රා නාටකයක් රඟදැක්වීමට සමාන අයුරින් යැයි එම පර්යේෂකයෝ කියති.

ඔවුන් මෙලෙස ආලෝකයේ දී හා අඳුරේ දී එකිනෙකට වෙනස් රටා මවන්නේ තම රංචුව එක්ව ගමන් කරමින් එහි ඝනත්වය පවත්වාගෙන යාමට බව ද අනාවරණය වී ඇත. රෝස් සැළලිහිණියන්ගේ හැසිරීම් රටා අධ්‍යයනය සඳහා පර්යේෂකයෝ කෘතිම සැළලිහිණියකු සාදා එවැනි රංචු අතරට යවා තිබේ. කෘතිම කුරුල්ලා රෝස් සැළලිහිනියන් අතරින් යවද්දී අහසේ අලෝකය අඩු වැඩි වීම අනුව රංචුවේ එකිනෙකා අතර පරතරය දැන ගනිමින් සංවිධානාත්මක ව විවිධ කෝණයන්ට අනුව ගමන් කරන බව අනාවරණය වූ බව පර්යේෂකයන් කියයි.

පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය එමරිටස් සහ ග්‍රන්ථ කතුවරයකු වන ජෝර්ජ් රෝලන්ඩ්ට අනුව සැළලිහිණියන්ගේ හැසිරීම අහසේ විවිධ රටා මවන අපූරු සිදුවීමකි. රෝස් සැළලියහිණියන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වන පක්ෂියෙකි.

article-0-19A6D9E700000578-92_634x350 article-0-192EEB8C00000578-530_634x366



අදහස් (0)

ගුවන් ගැබ රටා මවන කුරුල්ලෝ

ගාමිණී - සිරි Saturday, 26 July 2014 09:09 AM

ඔය සැළලිහිණි රටා කැලේ.... අපේ දිය කාවෝ.. අහසේ පියාසර කරන සංදර්ශන රටා දුටුවහම !! (නදී)

:       0       0

අරුණ Sunday, 27 July 2014 06:50 AM

ඇත්ත තමයි රත්නපුරේ කතාව මාත් දැක්කා. මාත් පුදුම උනා. කාලයක් හිතේ තුබුන ගැටළුවක් තමයි (නදී)

:       0       0

රුහුණු Saturday, 26 July 2014 10:23 AM

මේ ඉන්නේ සැළලිහිනියෝද? වැහිලිහිනියෝද? කියන එක තමයි මටත් ප්‍රශ්නේ. (නදී)

:       0       0

සුනිල් Saturday, 26 July 2014 04:47 PM

හැම වසරකම වගේ ඔක්තෝබර් නොවැම්බර් මාස වලදී ඇවිල්ලා රත්නපුර නගරයේ ඔරලෝසු කනුව අවට තියෙන විදුලි කම්බි වසාගෙන රාත්‍රියට කාලේ ගත කරන පොඩි කුරුල්ලන් විශාල ප්‍රමාණයක් දකින්න පුළුවනි. මේ ගොල්ලෝ මාස 3ක් හෝ 4ක් මේ ස්ථානයේ ගතකරලා යන්න යනවා. හවස 6 වෙනකොට මේගොල්ලෝ මේ ස්ථානවලට එක රැස් වෙලා රාත්‍රිය කම්බි මත ගතකරනවා. දවල් දවසට දකින්න නැහැ. හවස් වෙනකොට මේ තැන් වලට එක රැස් වෙනවා. පක්ෂීන්ගේ ජීවන රටාව හදාරන කවුරු හරි මේ ගැන අධ්‍යනයක් කර ඇත් නම් කරුණාකරලා කියල දෙන්න මේ පක්ෂීන් කොහෙන්ද එන්නේ, එකම ස්ථානයට හැම වසරකම එන්නේ කොහොමද කියල. (නදී)

:       0       0

ජයත් Saturday, 26 July 2014 06:37 AM

සැළලිහිනියෝ උඹ දන්නේ නෑ පෙම් හිතක සුවේ හඳුනන්නේ නෑ ! (නදී)

:       0       0

සුසන්ත Saturday, 26 July 2014 08:01 AM

මෙම ලිපිය වැහි ලිහිණියන් සම්බන්දයෙන් නේද? (නදී)

:       0       0

අපොන්සු Sunday, 27 July 2014 12:50 AM

ඔව් ,සැළලිහිනියෝද? වැහිලිහිනියෝද? කියන එක තමයි මටත් ප්‍රශ්නේ, බඩු මිල නෙමෙයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site