ආලෝකය හා අඳුර ඇති ස්ථානයන්හි දී සැළලිහිණියන් විශේෂයක් වන ‘‘රෝස් ස්ටාලින්ස්“ අපූරු හැසිරීම් රටාවක් පෙන්වන බව වෝවික් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ කියති. දහස් සංඛ්‍යාත සැළලිහිණියන් අඳුරු අවස්ථාවේ දී එකට එක්ව පියඹා යන්නේ මුද්‍රා නාටකයක් රඟදැක්වීමට සමාන අයුරින් යැයි එම පර්යේෂකයෝ කියති.
ඔවුන් මෙලෙස ආලෝකයේ දී හා අඳුරේ දී එකිනෙකට වෙනස් රටා මවන්නේ තම රංචුව එක්ව ගමන් කරමින් එහි ඝනත්වය පවත්වාගෙන යාමට බව ද අනාවරණය වී ඇත. රෝස් සැළලිහිණියන්ගේ හැසිරීම් රටා අධ්‍යයනය සඳහා පර්යේෂකයෝ කෘතිම සැළලිහිණියකු සාදා එවැනි රංචු අතරට යවා තිබේ. කෘතිම කුරුල්ලා රෝස් සැළලිහිනියන් අතරින් යවද්දී අහසේ අලෝකය අඩු වැඩි වීම අනුව රංචුවේ එකිනෙකා අතර පරතරය දැන ගනිමින් සංවිධානාත්මක ව විවිධ කෝණයන්ට අනුව ගමන් කරන බව අනාවරණය වූ බව පර්යේෂකයන් කියයි.
පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය එමරිටස් සහ ග්‍රන්ථ කතුවරයකු වන ජෝර්ජ් රෝලන්ඩ්ට අනුව සැළලිහිණියන්ගේ හැසිරීම අහසේ විවිධ රටා මවන අපූරු සිදුවීමකි. රෝස් සැළලියහිණියන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වන පක්ෂියෙකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සැළලිහිණි රටා කැලේ.... අපේ දිය කාවෝ.. අහසේ පියාසර කරන සංදර්ශන රටා දුටුවහම !! (නදී)
ඇත්ත තමයි රත්නපුරේ කතාව මාත් දැක්කා. මාත් පුදුම උනා. කාලයක් හිතේ තුබුන ගැටළුවක් තමයි (නදී)
මේ ඉන්නේ සැළලිහිනියෝද? වැහිලිහිනියෝද? කියන එක තමයි මටත් ප්‍රශ්නේ. (නදී)
හැම වසරකම වගේ ඔක්තෝබර් නොවැම්බර් මාස වලදී ඇවිල්ලා රත්නපුර නගරයේ ඔරලෝසු කනුව අවට තියෙන විදුලි කම්බි වසාගෙන රාත්‍රියට කාලේ ගත කරන පොඩි කුරුල්ලන් විශාල ප්‍රමාණයක් දකින්න පුළුවනි. මේ ගොල්ලෝ මාස 3ක් හෝ 4ක් මේ ස්ථානයේ ගතකරලා යන්න යනවා. හවස 6 වෙනකොට මේගොල්ලෝ මේ ස්ථානවලට එක රැස් වෙලා රාත්‍රිය කම්බි මත ගතකරනවා. දවල් දවසට දකින්න නැහැ. හවස් වෙනකොට මේ තැන් වලට එක රැස් වෙනවා. පක්ෂීන්ගේ ජීවන රටාව හදාරන කවුරු හරි මේ ගැන අධ්‍යනයක් කර ඇත් නම් කරුණාකරලා කියල දෙන්න මේ පක්ෂීන් කොහෙන්ද එන්නේ, එකම ස්ථානයට හැම වසරකම එන්නේ කොහොමද කියල. (නදී)
සැළලිහිනියෝ උඹ දන්නේ නෑ පෙම් හිතක සුවේ හඳුනන්නේ නෑ ! (නදී)
මෙම ලිපිය වැහි ලිහිණියන් සම්බන්දයෙන් නේද? (නදී)
ඔව් ,සැළලිහිනියෝද? වැහිලිහිනියෝද? කියන එක තමයි මටත් ප්‍රශ්නේ, බඩු මිල නෙමෙයි. (නදී)