ග්වාතමාලාව ඊයේ(26) රික්ටර් පරිමාණයේ ඒකක 6.2ක් සටහන් කළ භූ කම්පනයකින් කැලැඹි ගියේය.
ග්වාතමාලාවේ අගනුවරට කිලෝමීටර් 10ක් නැගෙහිර දෙසින් භූකම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා තිබූ බව ඇමෙරිකා භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේය.
භූකම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදු නොවූ බව එරට ආපදා කළමනාකරණ අංශ පවසයි.
මෙම භූකම්පනයේ බලපෑම අසල්වැසි එල් සැල්වදෝර් රාජ්‍යයට ද දැනුණු බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.  
මධ්‍යම ඇමෙරිකාවේ පිහිටි ග්වාතමාලාව නිරතුරු භූකම්පන ඇතිවන පැසිෆික් ගිනිවළල්ල නමැති කලාපයේ පිහිටා ඇත.