තම ලේ උරා දෑත පිරිසිදු කරගැනීමට කුඩා දරුවනට උපදෙස් දුන් පෙර පාසල් ගුරුවරියක් ගැන නෝර්වේ රජය පරීක්ෂණ අරඹා ඇත.
රුධිරය යනු මේ යැයි කියා දරුවන්ට පෙන්වා දීමේ අරමුණින් ඇය ලේ සහිත පරීක්ෂණ නළයක් පන්ති කාමරයට ගෙනැවිත් ඉන් කොටසක් පීරිසියකට දමා දරුවන්ට පෙන්වා ඇත.
කුඩාවුන්ද මවිතයෙන් රුධිරය ‘‘ ස්පර්ෂ‘‘ කර බැලීමට අවසර ඉල් වු බව සිය නිදහසට කරුණු ඉදිරිපත් කරමින් පවසන ගුරුවරිය තමා ද එහි වරදක් නොදුටු හෙයින් ඊට අවසර දුන් බව කියයි.අනතුරුව සිය ඇඟිල් වල ගෑවී තිබෙන රුධිරය ඉවත් කරගන්නේ කෙසේ දැයි දරුවන් විමසු විට දුරදිග නොසිතාම ඇගිලි කටේ දමා රුධිරය ඉවත් කරනා ආකාරය ඔවුන්ට පෙන්වු බවද ඇය සිය බලධාන්රීන් හමුවේ කියා ඇත.
මේ සිදුවීම බලධාරීන්ගේ කණට ගොස් ඇත්තේ පාසලේ සේවය කරන අනෙකුත් ගුරුවරුන් දරුවන්ගෙන් අසා දැනගත් තොරතුරු වලිනි. අදාළ ගුරුවරිය ඒඩ්ස් වැනි රෝග වලින් පෙළෙන්නේදැයි සෙවීමට පරීක්ෂණ කටයුතු අරඹා ඇතැයි ද පෙර පාසල් බලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නෙමෙයිනේ. ඒ නිසා දුක් වෙන්න දෙයක් නැහැ. (නි)