ගිරවුන්ට එකිනෙකාට අනන්‍ය වූ සංගීත රසාස්වාදයක් තිඛෙන බව ලින්කන් විශ්ව විද්‍යාලයයේ පර්යේෂකයන් පිරිසක් සොයා ගෙන තිබේ.

ගිරවුන් තිදෙනෙකු යොදාගෙන සිදු කළ පර්යේෂණයේදී ඔවුන් ව දමා තිබූ කූඩු වල වූ බොත්තම් එබීමට ගිරවුන් පුහුණු කර තිබෙන  එම බොත්තම් එබිීමෙන් විවිධ  සංගීත කණ්ඩ හා ගීත ශ්‍රවණය කිරීමට මේ ‘සංගීත ලෝලීන්ට‘ අවස්ථාව සළසා දී තිබිණි.

ගිරවුන් තිදෙනාගේ තේරීම් එකිනෙකාගෙන් වෙනස් වන බව පර්යේෂකයන්ට නිරීක්ෂණය කළ හැකි විී ඇත.රොක් සංගීතය පොප් සංගීතය හා සාම්ප්‍රදයික සංගීතය ගිරවුන් වෙන් වෙන් වශයෙන් තෝරා ගෙන තිබිණි. මිනිසුන් මෙන් පොදු මතයකට පැමිණීමේ හැකියාවද ඔවුන් සතු වූ බව පර්යේෂකයයෝ කියති.  ඒ යූබී 40, යූ 2 වැනි සංගීත කණ්ඩායම් වල ගීත වලට හා බටහිර සංගීතඥ බාක්ගේ සංගීත ඛණ්ඩවලට එකාවන්ව ප්‍රිය කිරීම නිසාය.එලෙසම ඔවුන් තිදෙනම ටෙක්නෝ වැනි නැටුම් මුල් කරගත් සංගීතයට අකැමැත්ත ප්‍රකාශ කර ඇත්තේ ‘බෙරිහන්‘ දීමෙනි.

තමන් ප්‍රිය කරනා ගීත වාදනය වීමේදී රිද්මයට නටනා මේ තිදෙන තමන් හොදින් සංගීත  රසවිදින බවද
පර්යේෂකයන්ට පෙනී ගොස් ඇත.