ජංගම දුරකථන ඔස්සේ ‘‘ගඳ සුවඳත්‘‘ හුවමාරු කර ගත හැකි උපාංගයක් හදුන්වාදීමට ජපාන සමාගමක් සමත්ව තිබේ.
මේ උපාංගය ජංගම දුරකථනය හා සම්බන්ධ කිරීමෙන් පසු ජංගම දුරකථනයේ පිහිටුවන ලද මෘදුකාංගයක් ආධාරයෙන් තමන්ට කැමැති පරිදි හැසිරවිය හැකවේ.
උදාහරණයක් වශයෙන් සිය පෙම්වතියගෙන් දුරකථන ඇමතුමක් ලැබෙන විට රෝස මල් සුවඳක්ද තමන් සමග හිත්නොහොදින් සිටින අයෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබෙන විට කුණු බිත්තර ගදක්ද ආදී ලෙස ගඳ සුවඳ නිකුත් වන පරිදි මේ උපාංගයේ කි‍්‍රයාකාරීත්වය මෙහෙයවිය හැකයි.
වෙනත් ජංගම දුරකථනයක මෙවන් උපාංගයක් සවි කර ඇත්නම් එහි කි‍්‍රයාකාරීත්වයද පාලනය කිරීමේ හැකියාව මේ මෘදුකාංගයට ඇත.කෙටි පණිවුඩ හුවමාරු කරගන්නවාක් මෙන් විවිධ ‘‘ගන්ධයන්‘‘ එකිනෙකා අතර හුවමාරු කර ගැනීමේ හැකියාවද මෙයින් ලැබේ.
කුඩා කුටීරයක් සම වන මේ උපාංගයේ කුඩා ප‍්‍රමාණයේ පංකා කිහිපයක් හා විවිධ ගඳ සුවඳ ලබාදෙන රසායන ද්‍රව්‍යයන් ඇත. ජංගම දුරකථනයේ මෘදුකාංගය ඔස්සේ ක‍්‍රියාත්මක වීමට පණිවුඩය ලැබුණු කල උපාංගයේ අන්තර්ගත ඉලෙක්ට්‍රොනික පරිපථය අදාළ ගඳ සුවඳ ලබා දෙන රසායන ද්‍රව්‍යයන් කි‍්‍රයාකාරී කරවයි.එවිට උපදින සුවද හෝ වේවා ගඳ හෝ වේවා පංකා කි‍්‍රයාකාරී වී කුටීරයෙන් පිටතට විහිදැවෙයි..
ජංගම දුරකථනයෙන් චිත‍්‍රපට නරඹන විටදී පවා ඒ ඒ රූප රාමු වලට ගැලපෙන පරිදි ගන්ධයන් නිකුත් වන ලෙස මේ උපාංගයේ කි‍්‍රයාකාරීත්වය සීරුමාරු කළ හැකි බවද නිශ්පාදකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියෙදි තව තව මොන මොනවා මේ හරහා ගෙන්නවා ගනීද දන්නේ නැහැ නේද? (නදී)
ලංකාවට ආවට පස්සේ ගද වේවිද? (නදී)
දත් මැද්දෙ නැති වුණහම එන ගද ආවොත් ඉවරයි (නි)
මාරයි නේ
ප්‍රේම කරන අයට හොදයි. ටිකක් මිල වේවි නමුත් ලගින් ඉදන් විදින ගද,සුවද වගේ කොහේද?(නදී)
රුප, ශබ්ද, ගඳ සුවඳ, රස, ස්පර්ශය කියන ඒවානේ අපේ පන්චේන්ද්රියයන්ට අරමුණු වෙන්නේ. රුප ශබ්ද දෙක මෙච්චර කල් අපට ලැබුනා. දැන් ගඳ සුවඳත් දෙන්නයි යන්නෙ. රසත් දෙන්න පටන් ගත්තාම ටී.වී. එකේ පෙන්වන ආහාර වෙළඳ දැන්වීම් හොඳට රස විඳින්න ලැබෙයි. හැබැයි, ස්පර්ශය දෙන්න ගිය දාට තමයි පිස්සු හැදෙන්නෙ. (නදී)
සේනාවට කුණු බිත්තර ගහන්ඩ ලේසියි දැන්.(නදී)
උදේ නැගිටලා දත් මදින්නේ නැතුව කතා කලොත් පෙම් සබඳතා නම් ගොඩක් බිඳ වැටෙයි.(නදී)
අනේ ඔයා වැසිකිලියේ ඉදගෙන නේද කතාකරන්නේ.(නදී)
හදිසියකටවත් වැසිකිලියේ ඉඳන් කතා කරලා ඉවරයි. මේක නම් හොඳ දෙයක් නෙමේ.(නදී)