IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගිනිඅවි නීති සංශෝධනය කරන්න ඇමෙරිකා රජයේ දැඩි අවධානය

නිව්යෝර්ක් නගරය ආසන්නයේ පිහිටි නිව්ටවුන් නගරයේ පසුගියදා කුඩා දරුවන් අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිදුවීමත් සමඟ රට තුළ ගිනිඅවි පාලනය කළ යුතු බවට ඇමෙරිකා සෙනෙට් සභිකයන් මෙන්ම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් දැඩි ලෙස අවධාරණය කරයි. ගිනිඅවියක් තමා සන්තකයේ තබා ගැනීම ඇමෙරිකානු ජාතිකයකුට ව්‍යවස්ථාවෙන් ලැබෙන නීතිමය හිමිකමකි. එසේ වූවත් ගිනිඅවි නිසා සාමාන්‍ය ජනතාවගේ ජීවිත දැඩි අවදානමකට බඳුන්ව ඇති නිසා ‘‘ගිනිඅවි පිළිබඳ නීති සහ එම සංස්කෘතිය’’ වෙනස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඇමෙරිකානු නීතිවේදීන් මේ සතියේදී සාකච්ඡුා කිරීමට බලාපොරොත්තු වන බව ඩිමොක‍්‍රටික් පාක්ෂික සෙනෙට් සභික නායක හැරී රීඞ් පැවැසීය. ඛේදජනක සිදුවීමත් සමඟ ජනපති ඔබාමා ද අවධාරණය කර කියා සිටියේ රට තුළ සිදුවන මිනිස් ඝාතන වහා අවසන් කළ යුතු බවයි. මේ අතර ඩිමොක‍්‍රටික් පාක්ෂික සෙනෙට් සභිකයන් මෙන්ම රිපබ්ලිකන් පාක්ෂික සෙනෙට් සභිකයන් බොහෝදෙනෙක් ගිනිඅවි නීතිය වෙනස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අදහස් දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඇමෙරිකාවේ ගිනිඅවි භාවිතය නිසා වසරකට ඝාතන 30,000ක් පමණ සිදුවන අතර එය පාලනය කිරීමට කඩිනම් පියවර ගන්නැයි නිව්යෝර්ක් නගරාධිපති මයිකල් බ්ලූම්බර්ග් ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇති බව වාර්තා වේ. මෙම ප‍්‍රචණ්ඩකි‍්‍රයා නැවැත්වීමට තමා යටතේ ඇති විධායක බලතල උපකාර කර ගැනීමට ජනපති ඔබාමා සූදානමින් සිටින බව නගරාධිපති බ්ලූම්බර්ග් පැවැසීය. වචනවලට අපගේ ජාතිය සුවපත් කළ නොහැකි අතර එය කළ හැක්කේ කි‍්‍රයාවෙන් පමණක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

ගිනිඅවි නීති සංශෝධනය කරන්න ඇමෙරිකා රජයේ දැඩි අවධානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site