ආදරය මුදලට ගැනීමට නොහැකි  බව කියතත් තනි රත්‍රනින් නිම කැරුණු කමිසයකින් කාන්තා ආකර්ෂණය දිනා ගැනීමට තැත් කරන පුද්ගලයකු  ඉන්දියාවේ සිටී.

දන්තා පුජ් (32) සල්ලි පොලියට දෙන්නෙකි. මේ රත්‍රන් කමිසය සඳහා ඔහු වියදම් කළ මුදල පවුම් 14000 (රුපියල් 2,912,000) කට ආසන්නය. සාදා නිමකිරීමට දිනකට පැය 16ක් බැගින් වැඩ කළ රන් කරුවන් 15 දෙනකුට සති දෙකක් ගතවිය.

වෙල්වට් රෙද්දක් මත රන් ඇතිරීමෙන් කමිසය මසා ඇති අතර ඊට කැපෙන ලෙස රන් මුදු හා දම්වැල් ආදී පළඳනාද නිර්මාණය කැර තිබේ.

‘මේ කමිසය මගේ සිහිනයක් සැබී වීමක්. මම දන්නවා මම ලෝකයේ සිටිනා කඩවසම්ම පුද්ගලයා නොවේය කියා, නමුත් මොන ගැහැණිය ද රත්‍රන් කමිසයක් ඇඳන් සිටින මා දැක්කොත් බැහැයි කියන්නේ‘ දත්තා පවසයි.