මේ දිනවල බ්‍රිතාන්‍යයේ පවතින්නේ අධික ශීත කාලගුණයකි. බැලූ බැලූ අත හිම වැටෙයි. පාසල් ද වසා ඇත. ශීතලද නොතකා සිය රැකියාවන්හි යෙදෙන වැඩිහිටියෝ ද, සිසුහු ද තරුණ තරුණියෝ ද වීදි පුරා හිම සෙල්ලම් කරති.
මෙසේ හිම මත නටමින් සිටි තරුණයින් පිරිසකගේ ඇස ගැටුණේ ඔවුන් සිටි ස්ථානයෙන් පහළ ගග ඔස්සේ මුර සංචාරයේ යෙදී සිටි ගිනි නිවන භටයන් රැගෙන ගිය බෝට්ටුවකි. ඔවුනට ඔච්චම් කිරීමට සිතාගත් මේ කොලූ රැල හිම බෝල සාදා ගිනි නිවන භටයන්ට පහර දීමට පටන් ගත්තේ ඔවුන් සිටින්නේ ගං දිය මත බැවින් ඔවුනට තමන්ට එරෙහිව කිසිත් නොකළ හැකියැයි සිතමිනි.
එහෙත් සිදුවූයේ අනෙකකි.ගිනි නිවීම් භටයන් තමන් සන්තකයේ වූ ගිනි නිවීම් ආම්පන්න යොදාගෙන කොලූ රැලට ජල ප්‍රහාරයක් එල්ල කළේ කිසිවෙකුත් නොසිතූ පරිදිය.සීතල මදිවට හොද නෑමකුත් ලබාගත් කොලූ රැල වහ වහා එතැනින් පලා යාමට කටයුතු කළේ තවත් බැට කෑමට නොහැකි තැනය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ හිම වැටුනාමම් අපිත් මෙහෙම කරනවා.. ඒත් බෝට්ටු වල තියෙන ගිනි නිවන හමුදාවක් අපිට කෝ ??? (ස)
කවට විහිළුවට ඒ විදියටම උත්තර දුන්නා. නියමයි. (ත)
බලනකොට හරිම ජොලි. (ත)
කොල්ලෝ කෙසේ වෙතත් ෆොටෝ එකේ ඉන්නෙ නම් වයසක මනුස්සයෙක්නේ...කොල්ලෝ දුවන්න ඇති (ස)
නොමිලේ නාවනු ලැබේ (දී)
ඇත්තෙන්ම මෙයත් විනෝදජනක දර්ශනයක්. ලංකාවේත් මෙවැනි විනෝදජනක දේ සිදුවෙනවා. (නි)
මෙහෙ ඔය වගේ උනා නම් මේ වෙනකොට කොල්ලෝ ටික පොලීසියේ . ලංකාවේ එහෙම උනත් එංගලන්තේ එහෙම වෙන්නේ න . හොද ප්‍රවෘත්තියක් .(ස)