ඇමෙරිකා පුරවැසියන්ගේ නිදහසට තර්ජනයක් වූ ගිනි අවි පාලනය කිරීමේ අරමුණින් ජනපති ඔබාමා පෙරේදා (16) නව පනත් කෙටුම්පතකට අත්සන් තැබීය.
ඇමෙරිකාවේ පවතින ගිනි අවි සංස්කෘතියට තිත තැබීමේ අරමුණින් ජනපති ඔබාමා ගත් එම තීරණය ඇමෙරිකා දේශපාලනයේ පෙරැළියක් යැයි විචාරකයෝ පවසති.
ජනපති ඔබාමා එම කෙටුම්පත සකස් කළේ ඉකුත් දෙසැම්බර් 16 වැනිදා ඇමෙරිකාවේ කනෙනිකට් ප‍්‍රාන්තයේ සැන්ඩි හුක් පෙර පාසලේ සිදුවූ වෙඩි තැබීමකින් කුඩා දරුවන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම මුල් කොට ගනිමිනි.
ඇමරිකාවේ ජනගහනයට වඩා බලපත‍්‍ර ලබා ඇති ගිනි අවි සංඛ්‍යාව වැඩි බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ගිනි අවි සිවිල් ජනතාව අතර තහනම් කර ඇති ලොව බොහෝ රටවලට වඩා ඇමරිකාවේ ගිනි අවි නිසා සිදු වන මරණ අනුපාතය වැඩි යැයි ද ඔවුහු පෙන්වා දෙති.
ඇමරිකාවේ 35 වැනි ජනාධිපතිවරයා වූ ජෝන් එෆ්. කෙනඩි 1963 දී අවි දැරූවකු අතින් ඝාතනය වන්නට පෙර ඇමරිකාවේ සිවිල් ජනතාව අතර ගිනි අවි භාවිතය තහනම් කිරීමේ වැදගත් කම අවධාරණය කරමින් පනතක් ගෙනාවේය. එහෙත් ඊට එරෙහි වූ අය බොහෝ වූහ.
ඇමරිකානුවන් වැඩි දෙනකුගේ විශ්වාසය වූයේ ආත්මාරක්ෂාව සඳහා ගිනි අවියක් ළඟ තබා ගැනීම සෑම ඇමරිකානුවකුගේ ම අයිතියක් බවය. ප‍්‍රතිවාදීහූ එම තර්කය මත ජනාධිපතිවරයාට විරුද්ධ වූහ. එහිදී කෙනඩි ජනාධිපතිවරයා ප‍්‍රකාශකර ඇත්තේ ගිනි අවි දරා ගෙන එන අපරාධකරුවකු බොහෝ විට අවි හරඹයෙහි නිපුණයකු බැවින් සාමාන්‍ය සිවිල් වැසියකු අවියක් දරා සිටීම කිසිසේත් ආරක්ෂාව සලසන්නක් නොවන බවය.
එබැවින් ආරක්ෂාව සැලසීමට නම් ගිනි අවි සම්පූර්ණයෙන් තහනම් කිරීමට නීති ගෙන ආ යුතුය යන්න ඔහුගේ තර්කය විය. එහෙත් ඔහුට ඒ අදහස කි‍්‍රයාවට නැංවිය නොහැකි විය. අන්තිමේ දී ඔහුගේ ඉරණමද ගිනි අවියකින් තීන්දු කෙරිණ.
ගිනි අවි තහනම ගැන කතා කිරීම ද ජනප‍්‍රසාදය පළුදු වීමට හේතු වන්නකි. සමහර කොන්ග‍්‍රස් සභිකයන්ට ගිනි අවි තහනමට පක්ෂපාතව කතා කිරීම නිසා ඡන්දවලින් පරාජය වීමට පවා සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ තීරණයක් (ස)
මං හිතුවෙ කමිටුවක් දාලා අමතක කරයි කියලා... වැඩේ නැගලා යනවා එහෙනම් නියමයි..!(නු)
මනුෂය් ඝතන සිදුවන්නේ ගිනි අවියෙන් නොවෙයි ඒ අවිය පාවිචි කරන පුද්ගලයාගෙනුයි එක්සත් ජනපදයේ සිදුවුන සමූහ ඝාතන 100% ම වගේ සිදුවෙලා තියෙන්නේ උන්මන්තක පුද්ගලයන් අතින්... කොහොම උනත් බොහොමයක් බටහිර රටවල් වල පෞද්ගලික ගිනි අවි ලංග තබා ගැනීමේ නිදහස තියෙනවා ඒ රටවල් හැම එකක් ම ඉතාම සමකාමි රටවල් හොදම උදාහරනය ස්විස්ටර්ලන්තය සැම පුද්ගලයන් 2 කුගෙන්ම එක් අයෙකු සතුව අවි තියෙනව එමරටේ ලොකෙ අඩුම අපරාධ වාර්තාවෙන්නේ එම රටේ... එක්සත් ජනපදයේ උනත් සම්පුර්ණ අවි තහනමක් කරන යන්නේ නැත. සමහර අංග පමණයි තහනමට ලක්කරන්න පවතින්නෙ එයත් පලක් නැති බව සමහර පුද්ගලයන් පෙන්වාදී තියෙනවා. පුද්ගල නිදහස ගැනවත් විද්‍යානුකූල චින්තනයක් වත් ගැන අදහසක් නැති සයුමි වගේ අය ගැනනම් කනගාටුයි(නු)
අදහස නම් හොඳයි වගේ (ස)
ජනිත් උම්බෑ කියලා තමන් කවුද කියලා අනිත් අයට පෙන්වන්න එපා (ස)