IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


‘ගෙදර ප්‍රශ්න විසඳාගනු‘

ලෝකයේ ගැටලූ වලට විසදුම් සොයන්නට ප‍්‍රථම ඇමරිකාව සිය අභ්‍යන්තර ගැටලූ විසදා ගත යුතුව ඇතැයි වෙනිසියුලා ජනපති හියුගෝ චාවේස් පවසයි. ඔහු මේ බව පැවැසූයේ ඇමරිකා ජනාධිපතිවරණයෙන් දෙවැනිවරටත් ජයගත් හිටපු ජනපති බරක් ඔබාමා ගැන කියමිනි.ඔබාමා ඇමරිකාවේ සමාජ හා ආර්ථික ගැටළු ගැන අවධානය යොමු කළ යුතුව ඇතැයිද අන් රටවල් වල ගැටළු විසදීමට යාම අනවශ්‍ය යැයිද හියුගෝ චාවේස් කියයි. හියුගෝ චාවේස් ගැන ඇමරිකාවට ඇත්තේ පැහැදීමක් නොවේ.ඇමරිකාවට ඔහු හිසරදයකි.ඒ බටහිර ගැති නොවන චාවේස් ලතින් ඇමරිකාවේ අනෙක් රටවල්ද ඇමරිකාවට එරෙහිව උසි ගන්වන නිසාය.චාවේස්ට අවශ්‍ය වන්නේ ලතින් ඇමරිකානු රටවල් සිය දෙපයින් නැගිී සිටිනු දැකීමටය.නමුත් ඇතැම් බටහිර රටවල් මේ ලතින් ඇමරිකා රටවල් සූරා කෑවට තැත් කිරීම ඔහු දැඩි සේ විවේදනය කරයි. පසුගිය ඔක්තෝබර් මස පැවැති වෙනිසියුලා ජනාධිපතිවරණයේදී හියුගෝ චාවේස් පරාජය වනු දැකීමට ඇමරිකාව පුල පුලා බලා සිටියද ඇමරිකාවේ අපේක්ෂා බිද හෙලමින් චාවේස් ජනාධිපතිවරණය ජය ගත්තේය. කෙසේ වුවද චාවේස් බරක් ඔබාමාට යම් තරමකට හෝ ප‍්‍රිය කරන බව නොරහසකි.එහෙත් ඇමරිකාවේ හටපු ජනපති ජෝර්ජ් ඩබ්ලියු බුෂ් අනුගමනය කළ විදෙස් ප‍්‍රතිපත්තීන්ම බරක් ඔබාමාද අනුගමනය කිරීම චාචේස්ගේ දෝෂදර්ශනයට ලක්වේ. කෝ.වි



අදහස් (0)

‘ගෙදර ප්‍රශ්න විසඳාගනු‘

මුතු Tuesday, 13 November 2012 01:46 PM

ඇමරිකාව කරන්නේ මෙයට ප්‍රතිචාරයක් ලෙස ඒ රටටත් සම්බාධක පැනවීමයි. (ස)

:       0       0

ලුම්බිණි Tuesday, 13 November 2012 05:05 AM

අවවාද දෙන්නනම නියම කෙනා (ස)

:       0       0

අශෝක Wednesday, 14 November 2012 08:29 AM

ඔන්න කෙළින් කතාකරන මිනිස්සු. (නි)

:       0       0

විශ්ව Wednesday, 14 November 2012 09:29 AM

එතකොට එයා තමන්ගෙ කලාපයේ රටවල අර්බුද වල උත්තර හොයන්නෙ නැතුව අනිත් රටවලට බනින්නෙ ඇයි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 206 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 402 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 168 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site