IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගෝතමාලාවට තව ගෝත කරුමයක්

රිච්ටර් මාපක අගය 7.4 ක් වූ ප්‍රබල භූකම්පනයකින් ගෝතමාලාවට බොහෝ හානි සිදුවිය. භූමිකම්පාවෙන් පුද්ගලයන් 40 ක් පමණ මිය ගොස්, නිවාස හා ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශව ඇති බව ද, තවත් බොහෝ දෙනාකු සුන්බුන් අතර සිරවී සිටින බවද වාර්තා විය. වැඩිපුරම හානි සිදුවූයේ ගෝතමාලාවේ වෙරළබඩ ප්‍රදේශයටයි. භූකම්පනයෙන් පසුවද කුඩා පරිමාණයේ පසු කම්පන 5 ක් පමණ ඇතිවූ බව දිවි ගලවාගත්තෝ කියති. විපතට පත්වූවන්ට සහන සැළැසීමට බළධාරීන් හා ආරක්ෂක අංශ මේ වන විට කටයුතු කරමින් සිටී. භූකම්පනයේ ප්‍රභලත්වය නිසාම එය මෙක්සිකෝව, එල් සැල්වදෝරය වැනි ප්‍රදේශ වලටද දැනී ඇති බව කියැවේ. පැසිෆික් සාගර කලාප සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය සුනාමි අනතුරු ඇගවීමක්ද නිකුත් කර කළේය. 1976 දී ජීවිත 22000 ක් විපතට පත් කරමින් ගෝතමාලාව හෙල්ලු භූකම්පනයට පසුව ගෝතමාලාවේ ඇතිවූ ප්‍රභලතම භූකම්පනය මෙය බව කියැවේ. (කෝ වි ගු)



අදහස් (0)

ගෝතමාලාවට තව ගෝත කරුමයක්

මධු Thursday, 08 November 2012 01:02 PM

මගේ බලවත් කණගාටුව! (නි)

:       0       0

පද්මි Friday, 09 November 2012 11:44 AM

ලෝක විනාසය ගැන කීයු " මායා දිනදර්ශනය " මේ අයගෙද ?(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 94 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site