ලිබියා නායක මුවම්මාර් ගඩාෆිට පක්ෂපාතී නගරයක් ලෙස සැලකෙන ටි‍්‍රපොලි අගනුවරට කිලෝ මීටර් 140 ක් දුරින් පිහිටි ‘බානී වාලීඞ්’ අත්පත් කර ගැනීමේ මහ සටන ඊයේ (05) ආරම්භ විය.
කැරැලිකරුවන්ට සහාය පළ කරමින් නේටෝ ගුවන් හමුදාව බානී වාලීඞ් නගරයට බෝම්බ හෙලීම ආරම්භ කළේය.
ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවර ඇතුළු ප‍්‍රධාන නගර රැසක් අත්පත් කර ගැනීමට ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් සමත්ව සිටියත් නගර හතරක බලය තවමත් ඇත්තේ ගඩාෆි හමුදා අතේය.
එම නගර හතරින් දෙකක් වන්නේ බානී වාලිඞ් සහ ගඩාෆිගේ උපන් ගම ලෙස සැලකෙන සර්තේය.
කැරැලිකරුවන් මේ වනවිට බානී වාලිඞ් මෙන්ම සාර්තේ නගරය ද වට කර ඇති අතර එම නගරවලින් පිටවන සියලූම මාර්ග අවහිර කර තිබේ.
කැරැලිකරුවෝ බානී වාලිඞ් නගරය වට කිරීමෙන් පසු නගරයේ ගෝති‍්‍රක නායකයන් සමඟ ද සාකච්ඡා කළහ. එහිදී ගෝති‍්‍රක නායකයන් කිහිප දෙනකු කැරැලිකරුවන්ට පක්ෂව කටයුතු කිරීමට කැමැත්ත පළ කර ඇත. බානී වාලීඞ් නගරයේ බහුතරය වර්ෆාලා නමැති ගෝති‍්‍රක ජනයාය. ඔවුහු ගඩාෆි හිතවාදීහුය.
එම නිසා බානී වාලිඞ් නගර වැසියන් අතරේ ද බෙදීමක් හට ගෙන තිබෙන බව කැරැලිකරුවන්ගේ පාර්ශ්වය නියෝජනය කරමින් බානී වාලිඞ් නගරයට ගිය නියෝජිත මොහොමඞ් අබ්දෙල් අසීස් පවසයි. සාමකාමී අයුරින් බානී වාලිඞ් නගරය අත්පත්කර ගැනීමේ කටයුත්ත විසඳා ගැනීමට හැකිව තිබුණු අතර ගඩාෆි පාක්ෂිකයන් ඊට විරෝධය එල්ල කිරීමෙන් පසු ඊයේ (5)සිට නගරයට පහර දීම ආරම්භ කළ බව ලිබියා අන්තර්වාර පාලක මණ්ඩලය නිවේදනය කළේය.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ගඩාෆිට පක්ෂ බානී වාලිඩ් නගරය අල්ලා ගැනීමේ මහ සටන ඇරඹේ