IMG-LOGO

2025 අගෝස්තු මස 29 වන සිකුරාදා


ගඩාෆිගේ මළ සිරුර මස් කඬේක ප‍්‍රදර්ශනයේ

ඝාතනයට ලක්වූ කර්නල් ගඩාෆිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අන්තර්වාර රජය විසින් මේ වන විට කල්දමා ඇතැයි ලිබියාවේ විදෙස් ප‍්‍රවෘත්ති ආරංචි මාර්ග සඳහන් කරයි.ගඩාෆිගේ මළ සිරුර මේ වන විට එරට මිස්රාටා නුවර පිහිටි මස් අලෙවි කරනු ලබන වෙළෙඳසලක අධිශීතකරණයක් තුළ බහා ප‍්‍රදර්ශනය කරමින් තිබෙන බවද එම වාර්තාවල සඳහන් වේ.එම ශීතාගාරයේ තබා ඇති කර්නල් ගඩාෆිගේ සිරුර දැක ගැනීමට ලිබියානුවන් බොහෝ වශයෙන් එම වෙළෙඳසලට පැමිණෙමින් සිටින බවද වාර්තා වේ. මේ අතර ගඩාෆිගේ අවසන් මොහොත පිළිබඳව විවිධාකාරයේ මත පළ වෙමින් තිබේ. හිටපු නායකයා අල්ලා ගත් අන්තර්වාර සෙබළ කණ්ඩායමේ අණ දෙන නිලධාරියා වශයෙන් කටයුතු කළ ඔම්රාන් අල්  ඕ වයෙබ් බීබීසී ප‍්‍රවෘත්ති සේවය සමඟ කළ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී ප‍්‍රකාශ කරනු ලැබ ඇත්තේ ගඩාෆිට වෙඩි ප‍්‍රහාරය කවරෙකු එල්ල කළේද යන්න නිශ්චිතව කිව නොහැකි බව ඔහු හෙළි කොට ඇත. ගඩාෆිට වෙඩි තැබීමට තම සියලූ සටන්කාමීන්ට දැඩිව අවශ්‍යව තිබූ බව ඔහු තවදුරටත් පැවසීය.කෙසේ වෙතත් තමන් ඝාතනය නොකරන ලෙස ගඩාෆි ඉල්ලා සිටි බවත්, නමුත් එල්ල වූ වෙඩි වරුසාවකින් ගඩාෆි බිම ඇදවැටුණු බවත්, ඇද වැටුණු ගඩාෆි ක්ෂේත‍්‍ර රෝහලකට ඇතුළත් කළ ද එම අවස්ථාව වන විට ඔහු මිය ගොස් සිටි බවත් ගඩාෆි අල්ලා ගැනීමේ මෙහෙයුමේ අණදෙන නිලධාරියා කියා සිටියේය.මේ අතර ජාත්‍යන්තර රූපවාහිනී මාධ්‍යයන්හි විකාශනය වූ දර්ශන මගින් පෙන්නුම් කළේ ඝාතනයට ලක්වූ ගඩාෆිගේ සිරුර වීදි පුරා ඇදගෙන යන ආකාරයයි. ඝාතනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනටමත් ලිබියා අන්තර්වාර බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.  ඒ අතර ගඩාෆි ඝාතනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට පරීක්ෂණ කණ්ඩායමක් යෙදවීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නාවි පිල්ලේ තීරණය කර ඇති බවත් ඒ පිළිබඳ අදහස් මාධ්‍යවේදීන් ජිබ්රිල්ගෙන් විමසා සිටියේය. ජිබ්රිල් එවිට පවසා සිටියේ ‘ එම පරීක්ෂණ සිදු කිරීමට තමා අනුමැතිය ලබා දෙන බවත් එම කටයුතු සිදු කිරීමට තමා ඉඩදෙනුයේ ගඩාෆිගේ අවසන් කටයුතු ඉස්ලාම් ආගමික චාරිත‍්‍රානුකූලව සිදුකළ පසුව බවත්ය.’



අදහස් (0)

ගඩාෆිගේ මළ සිරුර මස් කඬේක ප‍්‍රදර්ශනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14756 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 447 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 260 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site