IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ගඩාෆිගේ බුද්ධි අංශ ප‍්‍රධානියාට එරෙහිව නීති මගින් කටයුතු කරනවා

ලිබියාවේ කැරැල්ල උත්සන්න වූ අවස්ථාවේ රහසේ රටින් පිටවී, මොරොක්කෝවට පලා යෑමට උත්සහ කළ අවස්ථාවේ මුරුෂානියාවේ දී අත්අඩංගුවට පත්වූ ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ බුද්ධි අංශ ප‍්‍රධානී අබ්දුල්ලා අල් සෙන්සුයි පෙරේදා (5) යළි ලිබියාවට රැගෙන ආ අතර ලිබියා රජය පැවැසුවේ ඔහුට එරෙහි කඩිනමින් නඩු පවරන බවය. ලිබියාවේ සිට මුරුෂානියාවට ගොස් පසුව මොරොක්කෝවට පලා යෑමට අල් සෙන්සුයි උත්සහ කළේ මාලි රාජ්‍යයේ වැසියකු ලෙස ගුවන් බලපත‍්‍රයක් ඉදිරිපත් කරමින්ය. එහෙත් මුරුෂානියා ආරක්ෂක අංශ ඔහු කවුරුදැයි හඳුනාගෙන අත්අංගුවට ගත්තේය. එම අවස්ථාවේදී ලිබියා රජය ඔහු ඉල්ලා සිටි අතර, මුරුෂානියා රජය අල් සෙන්සුයි සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වීය. එම නඩු විභාගය අවසන් වූයේ සෙන්සුයි යළි ලිබියාවට බාර දෙන්නැයි තීන්දු කරමින්ය. ඒ අනුව පෙරේදා මුරුෂානියා ආරක්ෂක අංශ විශේෂ ගුවන් යානයකින් ඔහු ලිබියාවට රැගෙන ආ බව වාර්තා විය. ලිබියා කැරැල්ල උත්සන්න වූ අවස්ථාවේදී අහිංසක සිවිල් වැසියන් දහස් ගණනින් මරා දැමීමට අනුබල දී මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ කළේ යැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය අබ්දුල්ලා අල් සෙන්සුයිට ද චෝදනා කර ඇත. ගඩාෆි සහ ගඩාෆි වැඩිමල් පුතුට එරෙහිව ද ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් එම චෝදනා කර තිබේ. ගඩාෆි කැරැලිකරුවන් අතින් අමු අමුවේ ඝාතනය වූ අතර ගඩාෆි වැඩිමල් පුතු සෙයිෆ් අල් ඉස්ලාම් ලිබියාවෙන් පලා යෑමට තැත් කරද්දී කැරැලිකරුවන් අතට පත් විය. අල් ඉස්ලාම්ට එරෙහිව ද කඩිනමින් නඩු පවරන බව ලිබියා රජය පැවැසුවත් එය මෙතෙක් සිදු කර නැත. ජාත්‍යන්තර අපරාධ අධිකරණය අල් ඉස්ලාම් තමන්ට බාර දෙන්නැයි ඉල්ලා සිටිය ද ලිබියා රජය ඊට කැමැත්ත පළ කර නැත. බුද්ධි අංශ ප‍්‍රධානියා ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවරට ගෙනා අවස්ථාව



අදහස් (0)

ගඩාෆිගේ බුද්ධි අංශ ප‍්‍රධානියාට එරෙහිව නීති මගින් කටයුතු කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 707 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17891 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site