IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


ගඩාෆිගේ අවසන් බළ කොටුවට ප‍්‍රහාර

කැරලිකරුවන් විසින් ලිබියානු නායක මුවම්මර් අල් ගඩාපිගේ අවසාන බල කොටුව වශයෙන් සැලකෙන වානි වැලීඞ් නගරයට ප‍්‍රහාර එල්ල කිරීම අරඹා ඇතැයි එජන්සි වාර්තා සඳහන් කරයි. ටි‍්‍රපොලි අගනුවර ගිනිකොණ දෙසට වන්නට පිහිටි වානි වැලීඞ් නගරයෙහි ගඩාපි රජයේ ඉහල නිලධාරීන් රැසක් සහ ගඩාපිගේ පුතුන් දෙදෙනාද සැඟව සිටිතැයි විශ්වාස කෙරෙයි. මේ අතර ලිබියානු අන්තර්වාර රජයේ ප‍්‍රධානියා වන මුස්ටා අබ්දුල් ජලීල් ගුවන් යානයකින් ටි‍්‍රපොලි අගනුවර වෙත පැමිණි බවද වැඩිදුරටත් ඒජන්සි ආරංචි මාර්ග සඳහන් කරයි. අබ්දුල් ජලීල් අගනුවරට පැමිණි විට දහස් සංඛ්‍යාත ආධාරකරුවෝ ඔහු වටා රොක් වී ප‍්‍රීති ඝෝෂා කළහ. අබ්දුල් ජලීල් ටි‍්‍රපොලි අගනුවරට පැමිණෙන තෙක් ලිබියාවේ නැගෙනහිර ප‍්‍රදේශයේ පිහිටි ප‍්‍රධාන නගරයක් වන බෙස්යාසා හි වාසය කර ඇත. මෙම කැරලි කෝලාහල හේතුවෙන් ලිබියාවට දරුණු හානි සිදුවී ඇතිබවත් සියලූ පාර්ශ්වකරුවන් ඒකරාශී කොට ලිබියාව යළි ගොඩනැගීම තමාගේ අරමුණ බවත් අබ්දුල් ජලීල් ජනමාධ්‍යවේදීන් අමතා පැවසීය. කැරළිකාර හමුදාව වානි වැලීඞ් නගරය අභියස ලිබියානු අන්තර්වාර රජයේ ප‍්‍රධානී අබ්දුල් ජලීල් ජනතාව අතර  



අදහස් (0)

ගඩාෆිගේ අවසන් බළ කොටුවට ප‍්‍රහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 694 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 872 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 371 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site