ඝාතනයට ලක් වූ ලිබියානු නායක කර්නල් මුවමාර් ගඩාෆිට පක්ෂපාතී සටන්කාමීන් කණ්ඩායමක් සහ ලිබියා රජයේ හමුදා සෙබළුන් පිරිසක් අතර ඊයේ (18) හටගත් දරුණු අවි ගැටුමකින් 11 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 75 දෙනෙක් තුවාල ලැබූහ.
ගැටුම හට ගත්තේ ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවර සිට කිලෝ මීටර් 170 ක් ඈතින් පිහිටි බානි වලීඞ් නගරයේය. බානි වලීඞ් නගරය ගඩාෆිගේ අවසන් බලකොටුව ලෙස ද සැළකෙයි.
ගැටුම හටගත්තේ ගඩාෆි ඝාතනය වී වසරක් ගත වීමට ආසන්න වෙද්දීය. ලිබියා කැරැල්ල උත්සන්න වෙද්දී බටහිර රටවල සහාය ලැබූ ලිබියා කැරැලිකරුවන්, සැඟවී සිටි ගඩාෆි අමු අමුවේ මරා දැම්මේ ඉකුත් වසරේ ඔක්තෝබර් 20 වැනිදාය.
බානි වලීඞ් රෝහල් ආරංචි මාර්ග පවසන්නේ ගැටුමින් තුවාල ලැබූවන් 75 දෙනකු රෝහල් ගත කළ බවය. ඔවුන්ගෙන් වැඩිදෙනා සිවිල් වැසියන් බවත්, වයස අවුරුදු 14 ක දැරියක ද ඒ අතර සිටින බවත් වාර්තා වේ.
ලිබියා රජය ඊයේ සවස ප‍්‍රකාශ කළේ බානි වලීඞ් නගරයේ ගැටුම් සමථයකට පත් කිරීමට විශේෂ හමුදා බලඇණි කිහිපයක් බවය.
ගඩාෆි පාලනය අවසන් කිරීමෙන් පසුවත් ලිබියාවේ ගැටුම් අවසන් වී නැත. ගඩාෆි පාලනය නිමා කිරීමට අවි අතට ගත් ඇතැම් සන්නද්ධ කල්ලි එම අවි බිම දමා නැති අතර ඔවුන් ලිබියාවේ වත්මන් රජයට ද එරෙහිව යයි. එම හේතුව නිසා ලිබියාව මුළුමනින්ම අස්ථාවර වී ඇති අතර ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ද ඉහළ යමින් පවතී.
මේ හේතුව නිසා ලිබියා රජය සමඟ එක් වී, එරට කි‍්‍රයාත්මක ආයුධ සන්නද්ධ කල්ලිවලට එරෙහිව සටන් කිරීමට, කොමාන්ඩෝ බළඇණියක් පිහිටුවීමට ඇමෙරිකාව සූදානම් වෙයි. එම බළඇණිය පිහිටුවීමට ඇමෙරිකන් ඩොලර් මිලියන 8 ක මුදලක් යෙදවීමට ඇමෙරිකානු කොංග‍්‍රස් මණ්ඩලයේ අනුමැතිය ද හිමිවී ඇතැයි ද වාර්තා වේ.
ඇමෙරිකා රජය ලිබියාවේ ආරක්ෂක කටයුතුවලට මැදිහත් වීමට සැරසෙන්නේ මීට මාසයකට පමණ පෙර ලිබියාවේ බෙන්ගාසි නුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයට සන්නද්ධ පිරිසක් එල්ල කළ ප‍්‍රහාරයෙන් පසුවය. එම ප‍්‍රහාරයෙන් බෙන්ගාසි නුවර සිටි ඇමෙරිකා තානාපති ඇතුළු ඇමෙරිකානු ජාතිකයෝ සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශය පවසන්නේ තානාපති කාර්යාලයට පහර දුන්නේ අල් කයිඩා සටන්කාමීන් කියාය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගඩාෆි හිතවාදීන් ලිබියා රජයේ හමුදා සමඟ ගැටී 11 ක් මරුට: