IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


ගඩාෆි හිතැති හමුදා සිට්රේ නගරයෙන් ඉවත් නොවුණහොත් යළි ප‍්‍රහාර එල්ල කරනවා

ලබන සෙනසුරාදා වනවිට ගඩාෆි හිතවාදී හමුදා යටත්වී සිට්රේ නගරයෙන්  ඉවත්වී නොසිටියහොත් තම අන්තර් පාලන රජයේ හමුදා ප‍්‍රහාරවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ලිබියාවේ නව නායක මුස්තාෆා අබ්දෙල් ජලීල් කියා  සිටී. තම හමුදා මධ්‍යම, දකුණු ලිබියාවට අයත් නගර වලද සිට්රේ නගරයේද පාලන බලය අල්වා ගැනීමට කටයුතු සූදානම් කරන හෙයින් ඊට සහයෝගය දක්වන්නැයි, මුස්තාෆා ලිබියානු වැසියන්ගෙන් ඉල්ලීමක්ද කළේය. ‘‘ලබන සෙනසුරාදා වනවිට ගඩාෆි හමුදා සිට්රේ නගරයෙන් ඉවත්වී සිටිතැයි අපගේ බලාපොරොත්තුවයි. එයින් සාමකාමී  වාතාවරණයක් ලැබෙනු ඇතැයි අපගේ අපේක්ෂාවයි. නැතිනම් අපගේ හමුදා ප‍්‍රහාර තීව්ර කිරීම හැර අන් විකල්පයක් නැහැ’’ යනුවෙන් අබ්දෙල් කියා සිටියේය. සිට්රේ නගරය ගඩාෆිගේ උපන් ප‍්‍රදේශය වෙයි. මේ අතර නේටෝ සංවිධානය කියා සිටින්නේ ගඩාෆිගේ පුත් කාමිස් කුමන ස්ථානයක සිටිනවා දැයි නොදන්නා බවයි. කාමිස් සැඟවී සිටින ස්ථාන ගැන විවිධ කටකතා පැතිර යමින් පවතිනවා. ඒත් නිවැරදි තොරතුරක් ලැබී නැහැ යැයි නේටෝ සංවිධානයේ ප‍්‍රකාශක කර්නල් රෝලන්ඞ් ලැවෝසී, නේපල්ස් හි පැවැති පුවත්පත් සාකච්ඡවක් අමතමින් පැවසීය. ගඩාෆි පුත් කාමිස් හා ලිබියාවේ හිටපු බුද්ධි අංශ නායක පසුගිය සෙනසුරදා ලිබියානු නව රජයේ හමුදා අතින් මැරුම් කෑ බවද ජනමාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වුණි. නව ලිබියා නායක මුස්තාෆා කියා සිටින්නේ ගඩාෆි පවුලේ සැම කෙසේ හෝ ජාත්‍යන්තර අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවයි.



අදහස් (0)

ගඩාෆි හිතැති හමුදා සිට්රේ නගරයෙන් ඉවත් නොවුණහොත් යළි ප‍්‍රහාර එල්ල කරනවා

උදය Wednesday, 05 June 2013 10:01 PM

මේ වෙලාවේ ඇමෙරිකාව ගන්නේ ගඩාෆි ගේ පැත්ත. මොකද නැත්නම් තව දුරටත් මේ රටවල් විනාසය කරා ගෙනියන්න ක්‍රම හදා ගන්න බැරිවෙනවා.(නදී)

:       0       0

උදය Wednesday, 05 June 2013 09:58 PM

මේ වෙලාවේ ඇමෙරිකාව ගන්නේ ගඩාෆි ගේ පැත්ත. මොකද නැත්නම් තව දුරටත් මේ රටවල් විනාසය කරා ගෙනියන්න ක්‍රම හදා ගන්න බැරිවෙනවා .(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 694 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 872 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 371 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site