ප‍්‍රංශයේ හිටපු ජනපති නිකලස් සාර්කෝසිගේ අණ පරිදි එරට බුද්ධි අංශ නිලධාරීන්, කර්නල් මුවම්මාර් ගඩාෆි මරන්න ලිබියානු කැරැලිකරුවන් උසි ගැන්වූ බවට රහස් තොරතුරු තමන්ට ද ලැබී ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසයි. රුසියා ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ලිබියානු කැරැලිකරුවන්ගේ රහස් වාර්තා පාදක කර ගනිමින්ය. සාර්කෝසිගේ උපදෙස් පරිදි ගඩාෆි ඝාතනය වූයේ යැයි මීට පෙර ද පුවත් පළ වී තිබුණු නමුත් ඒ බව තහවුරු වූ ප‍්‍රථම අවස්ථාව මෙයයි. ලිබියාවේ ගැටුම් උත්සන්න වී, තුවාල ලබා සැඟවී සිටි ගඩාෆි කැරැලිකරුවන් අතට පත්වූ අවස්ථාවේ ඔහු අත්අඩංගුවට නොගෙන වෙඩි තබා මරා දමා ඇත්තේ ප‍්‍රංශ බුද්ධි අංශ නිලධාරීන්ගේ උපදෙස්වලට අනුවය. ගඩාෆි අත්අඩංගුවට ගෙන නඩු විභාගයක් පැවැත් වූයේ නම් ජනපති සාර්කෝසිට පමණක් නොව බි‍්‍රතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්ට ද විශාල අවාසියක් වීමට ඉඩ තිබුණි. ඒ, ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනින් ඔවුන් දෙදෙනා ගඩාෆි සමඟ කළ අයථා මුදල් ගනුදෙනු හේතුවෙනි. 2007 වසරේ ප‍්‍රංශ ජනාධිපතිවරණයේදී සාර්කෝසිට මුදල් ආධාර විශාල වශයෙන් ලැබුණේ ගඩාෆිගෙනි. ගඩාෆිගේ පාලනය පෙරළා දැමීමට කැරැුලිකරුවන්ට සහාය දුන්නේ ප‍්‍රශය සහ බි‍්‍රතාන්‍යයයි. ප‍්‍රංශ බුද්ධි අංශ නිලධාරීන් පමණක් නොව බි‍්‍රතාන්‍ය බුද්ධි අංශ නිලධාරීහු ද ලිබියාවට ගොස් කැරැලිකරුවන් සමඟ එක් වී ගඩාෆිගේ හමුදා සමඟ සටන් කළහ. සිවිල් වැසියන් බේරා ගත යුතු යැයි අවධාරණය කරමින් ගඩාෆි රජයේ හමුදා ඉලක්ක කර ගෙන මුලින්ම ගුවන් ප‍්‍රහාර එල්ල කළ රට වන්නේද ප‍්‍රංශයයි. ඒ, ජනපති සාර්කෝසිගේ අණ පරිදිය. පසුගිය වසරේ පැවැති ප‍්‍රංශ ජනාධිපතිවරණයෙන් සාර්කෝසි පරාජයට වීමට එක් හේතුවක් වූයේ ද ඔහු ලිබියාව සම්බන්ධයෙන් ගත් එම තීරණයයි.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න මල්ලී ඉගෙන ගන්න කෙළෙහීගැණ සළකණ වීදීය(නු)
සුදු කොඩියක් අතේ නොතිබුනත් ගෙඩාෆි මරන වෙලාවෙ කියන්න ඇතිනෙ "මාව මරන්න එපා" කියල.නමුත් ඒ ඒ මනුෂ්‍යව මැරුව.ඒ ගැන හොයන්න අද කවුරුත් නැහැ නේද.මේකෙන් ගොඩගියෙ වටේ තියෙන රටවල් ටික. ඇයි , දැන් ගත්තු ණය ටික ගෙවන්න ඕනෙ නැහැනෙ.(නු)
කාට කියන්නද
ලෝකේ පුරා පැතිරීයන රටවල් අස්ථාවර වීමට වගකියන්න ඕනෑ ඔය බටහිර රටවල් තමයි. (නි)
ලිබියාවට කරපු ටික තමයි ලංකාවටත් කරන්න හැදුවේ .(ස)
ඔබ රුසියාවට අව්‍යාජ නායකයෙක්. නිර්බයව ඇත්ත ලොවට හෙළිකරන ඔබ වගේ අය ලෝකයටම ආඩම්බරයක් .ජය වේවා රුසියාවට! (නි)
අනෙක් රටවලට කෙනෙහිලිකම් කරන ගමන් එයාල පෙන්නන්නෙ හරිම සුද්දවන්තයෝ කියල. අපිටත් ඕකම කරන්න තමයි දත කන්නෙ. ටික දෙනෙක් හැර අපේ රටේ අය රටට ආදරේ හන්ද ඒටික කරගන්න බැහැ. (ස)
මේවා මේ ආත්මයේදීම පළදෙන්න ඕනෑ. විදවන්න පුලුවන් ලෙඩක් හැදිලා විදවන්න වෙන්න ඕනෑ. (නි)
පූටින් කියන්නේ නොම්මර එකේ ඒකාධිපතිවරයෙක්. (නි)
පූටින්ගේ පක්ෂය ගැන සතුටුයි. (නි)