IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගඩාෆි මරන්න ප‍්‍රංශ බුද්ධි අංශය කැරැලිකරුවන්ට උපදෙස් දුන්නැයි රුසියානු ජනපති පුටින් හෙළිකරයි

ප‍්‍රංශයේ හිටපු ජනපති නිකලස් සාර්කෝසිගේ අණ පරිදි එරට බුද්ධි අංශ නිලධාරීන්, කර්නල් මුවම්මාර් ගඩාෆි මරන්න ලිබියානු කැරැලිකරුවන් උසි ගැන්වූ බවට රහස් තොරතුරු තමන්ට ද ලැබී ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසයි. රුසියා ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ලිබියානු කැරැලිකරුවන්ගේ රහස් වාර්තා පාදක කර ගනිමින්ය. සාර්කෝසිගේ උපදෙස් පරිදි ගඩාෆි ඝාතනය වූයේ යැයි මීට පෙර ද පුවත් පළ වී තිබුණු නමුත් ඒ බව තහවුරු වූ ප‍්‍රථම අවස්ථාව මෙයයි. ලිබියාවේ ගැටුම් උත්සන්න වී, තුවාල ලබා සැඟවී සිටි ගඩාෆි කැරැලිකරුවන් අතට පත්වූ අවස්ථාවේ ඔහු අත්අඩංගුවට නොගෙන වෙඩි තබා මරා දමා ඇත්තේ ප‍්‍රංශ බුද්ධි අංශ නිලධාරීන්ගේ උපදෙස්වලට අනුවය. ගඩාෆි අත්අඩංගුවට ගෙන නඩු විභාගයක් පැවැත් වූයේ නම් ජනපති සාර්කෝසිට පමණක් නොව බි‍්‍රතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්ට ද විශාල අවාසියක් වීමට ඉඩ තිබුණි. ඒ, ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනින් ඔවුන් දෙදෙනා ගඩාෆි සමඟ කළ අයථා මුදල් ගනුදෙනු හේතුවෙනි. 2007 වසරේ ප‍්‍රංශ ජනාධිපතිවරණයේදී සාර්කෝසිට මුදල් ආධාර විශාල වශයෙන් ලැබුණේ ගඩාෆිගෙනි. ගඩාෆිගේ පාලනය පෙරළා දැමීමට කැරැුලිකරුවන්ට සහාය දුන්නේ ප‍්‍රශය සහ බි‍්‍රතාන්‍යයයි. ප‍්‍රංශ බුද්ධි අංශ නිලධාරීන් පමණක් නොව බි‍්‍රතාන්‍ය බුද්ධි අංශ නිලධාරීහු ද ලිබියාවට ගොස් කැරැලිකරුවන් සමඟ එක් වී ගඩාෆිගේ හමුදා සමඟ සටන් කළහ. සිවිල් වැසියන් බේරා ගත යුතු යැයි අවධාරණය කරමින් ගඩාෆි රජයේ හමුදා ඉලක්ක කර ගෙන මුලින්ම ගුවන් ප‍්‍රහාර එල්ල කළ රට වන්නේද ප‍්‍රංශයයි. ඒ, ජනපති සාර්කෝසිගේ අණ පරිදිය. පසුගිය වසරේ පැවැති ප‍්‍රංශ ජනාධිපතිවරණයෙන් සාර්කෝසි පරාජයට වීමට එක් හේතුවක් වූයේ ද ඔහු ලිබියාව සම්බන්ධයෙන් ගත් එම තීරණයයි.



අදහස් (0)

ගඩාෆි මරන්න ප‍්‍රංශ බුද්ධි අංශය කැරැලිකරුවන්ට උපදෙස් දුන්නැයි රුසියානු ජනපති පුටින් හෙළිකරයි

ආනන්ද Saturday, 06 October 2012 09:40 PM

ඔන්න මල්ලී ඉගෙන ගන්න කෙළෙහීගැණ සළකණ වීදීය(නු)

:       0       0

ජීව Sunday, 07 October 2012 02:28 AM

සුදු කොඩියක් අතේ නොතිබුනත් ගෙඩාෆි මරන වෙලාවෙ කියන්න ඇතිනෙ "මාව මරන්න එපා" කියල.නමුත් ඒ ඒ මනුෂ්‍යව මැරුව.ඒ ගැන හොයන්න අද කවුරුත් නැහැ නේද.මේකෙන් ගොඩගියෙ වටේ තියෙන රටවල් ටික. ඇයි , දැන් ගත්තු ණය ටික ගෙවන්න ඕනෙ නැහැනෙ.(නු)

:       0       0

silva paris Sunday, 07 October 2012 02:24 AM

කාට කියන්නද

:       0       0

රාජා Sunday, 07 October 2012 03:40 PM

ලෝකේ පුරා පැතිරීයන රටවල් අස්ථාවර වීමට වගකියන්න ඕනෑ ඔය බටහිර රටවල් තමයි. (නි)

:       0       0

කුසුම් Saturday, 06 October 2012 01:05 PM

ලිබියාවට කරපු ටික තමයි ලංකාවටත් කරන්න හැදුවේ .(ස)

:       0       0

අනිල් Saturday, 06 October 2012 01:40 AM

ඔබ රුසියාවට අව්‍යාජ නායකයෙක්. නිර්බයව ඇත්ත ලොවට හෙළිකරන ඔබ වගේ අය ලෝකයටම ආඩම්බරයක් .ජය වේවා රුසියාවට! (නි)

:       0       0

රාජා Saturday, 06 October 2012 03:45 PM

අනෙක් රටවලට කෙනෙහිලිකම් කරන ගමන් එයාල පෙන්නන්නෙ හරිම සුද්දවන්තයෝ කියල. අපිටත් ඕකම කරන්න තමයි දත කන්නෙ. ටික දෙනෙක් හැර අපේ රටේ අය රටට ආදරේ හන්ද ඒටික කරගන්න බැහැ. (ස)

:       0       0

ලක්ෂාන් Saturday, 06 October 2012 07:20 AM

‍මේවා මේ ආත්මයේදීම පළදෙන්න ඕනෑ. විදවන්න පුලුවන් ලෙඩක් හැදිලා විදවන්න වෙන්න ඕනෑ. (නි)

:       0       0

පද්මි Saturday, 06 October 2012 06:27 PM

පූටින් කියන්නේ නොම්මර එකේ ඒකාධිපතිවරයෙක්. (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 07 October 2012 12:58 PM

පූටින්ගේ පක්ෂය ගැන සතුටුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 809 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site