IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගඩාෆි පුතුට එරෙහි නඩුව ලබන මාසයේ

කැරැලිකරුවන් අතින් කුරිරු ලෙස ඝාතනය වූ ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ වැඩිමල් පුතු සෙයිෆ් අල් ඉස්ලාම්ට එරෙහි නඩු විභාගය ලබන මාසයේදී පැවැත්වීමට සියලූම කටයුතු සූදානම් යැයි ලිබියානු නව රජය පවසයි. ලිබියා කැරැල්ල උත්සන්න වූ අවස්ථාවේදී, කැරැලිකරුවන් සහ සිවිල් වැසියන් ඝාතනයට අණ දුන්නේ යැයි ගඩාෆිට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය ද නඩු පැවැරීමට සූදානමින් සිටී. ලිබියා රජය පවසන්නේ, සෙයිෆ් අල් ඉස්ලාම් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පෙර, තම රටේ නීතියට අනුව ඔහුට දඬුවම් නියම කළ යුතු බවය. ගඩාෆි ඝාතනයෙන් පසු සෙයිෆ් අල් ඉස්ලාම් ද රටින් පැනයෑමට උත්සහ ගත් අවස්ථාවේදී කැරැලිකරුවන්ට හසුවිය. කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර, නඩු විභාගයකින් ද තොරව මේ වන තෙක්ම ඔහු සින්ටාන් නුවර සිරගත කර තැබීමට ලිබියා නව රජය කටයුතු කළේය. මානව හිමිකම් කි‍්‍රයාකාරීන් මෙන්ම ජාත්‍යන්තර අපරාධ අධිකරණය ද ලිබියානු රජයට චෝදනා කළේ සෙයිෆ් අල් ඉස්ලාම් නිරන්තරයෙන් වද බන්ධනයන්ට ලක් වන බවය.



අදහස් (0)

ගඩාෆි පුතුට එරෙහි නඩුව ලබන මාසයේ

අනුර Wednesday, 22 August 2012 10:42 AM

කල කම් පල දේ කියන්නේ බොරුවට නෙමෙයි..(ස)

:       0       0

විජේ Thursday, 23 August 2012 05:15 AM

අමිල කටුනායක ,ඔයාගේ කවුරුහරි මුස්ලිම් කෙනෙක් බැඳලා ඉන්නවද ? ඔයාට හරි කැක්කුමක් තියෙනවා මුස්ලිම් රටවල් ගැන . (නි)

:       0       0

හනීෆා Thursday, 23 August 2012 10:49 AM

ජාතීන් ගැන තේරුම්ගත් පුද්ගලයෙක්. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 22 August 2012 07:29 PM

ඔහුට කෙසේ හෝ සහනයක් සැළසේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site