ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පුතු මුටාසිම් ගඩාෆි අල්ලා ගැනීමට සර්තේ නුවර වට කළ සටන්කාමීහු ඊයේ (13) සමත් වූහ.
ගඩාෆිගේ රජයේ ජාතික ආරක්ෂක උපදේශකවරයා ලෙස කටයුතු කළේ ද මුටාසිම් ගඩාෆිය.
ලිබියා කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන ජාතික අන්තර්වාර පාලක මණ්ඩලය පවසන අන්දමට, මුටාසිම් ගඩාෆි මෝටර් රථයකින් සර්තේ නුවරින් පලා යෑමට උත්සහ ගනිද්දී කැරැලිකරුවන්ගේ ග‍්‍රහණයට හසුවී ඇත.
සර්තේ යනු ගඩාෆිගේ උපන් නගරයයි. එම නගරය අල්ලා ගැනීමට කැරැලිකරුවන් වෙර දරන්නේ මීට සති කිහිපයක සිටය. එහෙත් ගඩාෆිගේ හමුදා සහ පාක්ෂිකයන් අතරේ දරුණු ගැටුම් පවතී.
ගඩාෆිගේ ජාතික ආරක්ෂක උපදේශකවරයා අල්ලා ගැනීමට හැකිවීම කැරැුලිකරුවන් ලැබූ මහත් ජයග‍්‍රහණයක් යැයි ජාතික අන්තර්වාර පාලක මණ්ඩලය පවසයි.
‘‘අපි ඔහු අත්අඩංගුවට ගත්තා. ඔහු සැඟවී සිටියේ සර්තේ නගරයේයි. ප‍්‍රශ්න කිරීම් සඳහා ඔහු බෙන්ගාසී නුවර බෝට්නේ හමුදා කඳවුරට රැගෙන යෑමට නියමිතයි.’’ යැයි කැරැලිකාර පාර්ශ්වයේ කර්නල් අබ්දුල්ලා නාකේර් පවසයි.
කැරැලිකරුවන් එල්ල කරන ලද වෙඩි පහරකින් මුටාසිම් ගඩාෆි, තුවාල ලබා සිටින බව ද වාර්තා වේ.
සර්තේ නගරය මුළුමනින්ම අත්පත් කර ගැනීමට කැරැලිකරුවන්ට මෙතෙක් හැකියාව ලැබී නැත. සර්තේ නගරයේ ප‍්‍රදේශ කිහිපයක් යටත් කර ගැනීමට කැරැලිකරුවන්ට හැකියාව ලැබී ඇත. මේ වනවිට ඔවුහු ගඩාෆිගේ නිවස සහ සර්තේ විශ්ව විද්‍යාල අත්පත් කරගෙන සිටිති.
මුටාසිම් ගඩාෆි අත්අඩංගුවට ගැනීමට සමත්වීමත් සමඟ බෙන්ගාසි සහ ටි‍්‍රපොලි යන නගරවල සිටින කැරැලිකරුවෝ අහසට වෙඩි තබමින් පී‍්‍රති ඝෝෂා පවත්වන්න වූහ.
කැරැලිකරුවන් විසින් පිහිටුවනු ලැබූ අන්තර්වාර රජය කි‍්‍රයාත්මක වන්නේ බෙන්ගාසි නුවරය. ඔවුන් ටි‍්‍රපොලි අගනුවර අත්පත් කර ගත්තේ මීට මාස දෙකකට පමණ පෙරය.
එම අවස්ථාවේදී ලිබියා නායක කර්නල් ගඩාෆි පලාගොස් සැඟවුණේය. ඔහුගේ බිරිය, දියණිය අයීෂා සහ පුත්තු දෙදෙනකු වන හැනිබල් සහ මොහොමඞ් දේශසීමාව හරහා අසල්වැසි ඇල්ජීරියාවට පලා ගිය අතර තවත් පුතකු වන සාදී ගඩාෆි නයිගර් රාජ්‍යයට පලා ගියේය.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ගඩාෆි පුතු මුටාසිම් ලිබියා කැරැලිකරුවන්ගේ අත්අඩංගුවට