IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


ගඩාෆි පුතු අල් සාදිට නයිගර් රාජ්‍යයේ රැකවල්

කර්නල් මුවම්මාර් ගඩාෆිගේ බාල පුතු අල් සාදි පෙරේදා (11) තම රටට පැමිණි බවත් ඔහුට රැකවරණ ලබා දෙන බවත් ලිබියාවේ අසල්වැසියකු වන නයිගර් රාජ්‍යය පවසයි. ලිබියා/නයිගර් දේශසීමාව හරහා අල් සාදි, නයිගර් රාජ්‍යයට පැමිණියේ හමුදා රථ පෙළකින් යැයි නයිගර් අධිකරණ කටයුතු අමාත්‍ය අමාදෝ මොරෝ ප‍්‍රකාශ කරයි. තිස් හත්වැනි වියෙහි පසුවන සාදි ගඩාෆි නයිගර් රාජ්‍යයට පැමිණි ඇත්තේ තවත් ලිබියානු ජාතිකයන් නව දෙනකු ද සමඟ බවත් ඔවුන් මේ වනවිට අගාදේස් නගරයේ සිටින බවත් නයිගර් රජය වැඩිදුරටත් කියා සිටියි. ගඩාෆි පුතුට රැකවරණ දීම සම්බන්ධයෙන් ඇමෙරිකාව, ප‍්‍රංශය මෙන්ම ලිබියා කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන අන්තර්වාර පාලක මණ්ඩලය නයිගර් රජයට දොස් පවරයි. මීට දින කිහිපයකට පෙර ද ලිබියානු බළ ඇණියක් සහ හමුදා රථ 200 ක් පමණ ලිබියා/නයිගර් දේශසීමාව හරහා නයිගර් රාජ්‍යයට පැමිණියේය. එම අවස්ථාවේදී ලිබියා කැරැලිකරුවන් සහ ප‍්‍රංශ හමුදාව කියා සිටියේ ගඩාෆි සහ ගඩාෆිගේ වැඩිමල් පුතු සයිෆ් අල් ඉස්ලාම් දේශසීමා හරහා නයිගර් රාජ්‍යයට පලා ගිය බවය. එහෙත් ගඩාෆි පසුගියදා හඬ පටයකින් කියා සිටියේ තමා ලිබියාව අතහැර පලා නොගිය බවත් දිගටම කැරැලිකරුවන් සමඟ සටන් වදින බවත්ය. මේ අතර මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ කළ බවට චෝදනා එල්ල වී සිටින ගඩාෆි සහ සෙයිෆ් අල් ඉස්ලාම් ඇල්ලීම සඳහා ඉන්ටපෝල් හෙවත් අන්තර් ජාතික පොලිස් කොමිසම වරෙන්තු නිකුත් කර තිබේ. ලිබියානු ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් ටි‍්‍රපොලි අගනුවර අල්ලා ගත් අවස්ථාවේදී ගඩාෆි බිරිය, දියණිය, මොහොමඞ් සහ හැනිබල් යන පුත්තු ලිබියාවේ අසල්වැසියකු වන ඇල්ජීරියාවට පලා ගියහ. ඔවුන්ට ඇල්ජිරියා රජයේ ආරක්ෂාව ලැබේ.



අදහස් (0)

ගඩාෆි පුතු අල් සාදිට නයිගර් රාජ්‍යයේ රැකවල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 694 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 872 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 371 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site