IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


ගඩාෆි නයිගර් රාජ්‍යයට පලා ගියාදැයි සැකයක්

ලිබියානු බලඇණියක් රැගත් හමුදා රථ 250 ක් ඊයේ (6) නයිගර් රාජ්‍යයේ ඇගඬේස් නුවරට පැමිණි බවත් එම පිරිස අතරේ ලිබියා නායක මුවම්මාර් ගඩාෆි ද ඇතැයි තමන් සැක කරන බවත් ප‍්‍රංශ හමුදා ප‍්‍රකාශ කරයි.ලිබියා නායකයා සමඟ ඔහුගේ වැඩිමහලූ පුතු සෙයිෆි අලී ඉස්ලාම් ද නයිගර් රාජ්‍යයට පැමිණ ඇතැයි ප‍්‍රංශ හමුදා වැඩි දුරටත් කියා සිටියි. නයිගර් රාජ්‍යය ලිබියාවේ අසල්වැසියෙකි.හමුදා බලඇණියක් රැුගත් හමුදා රථ පෙළ ඇජාඬේස් නුවර පසුකර ගොස් බුර්කිනෝ සාසා නමැති උතුරු අපි‍්‍රකා රාජ්‍යයට ඇතුළුවීමට උත්සාහ දරන බව ප‍්‍රංශ හමුදා වැඩි දුරටත් කියා සිටියි.මේ අතර ලිබියානු ආයුධ සන්නද්ධ කැරැලිකාර පාර්ශ්වයෙන් බේරී පලා යන ලිබියා නායක ගඩාෆිගේ ආරක්ෂක ප‍්‍රධානී මන්සූර් ඩාව් ද ලිබියානු දේශසීමාව හරහා නයිගර් රාජ්‍යයට පැමිණ ඇති බවට නයිගර්හි ක‍්‍රියාත්මක ටුරේග් කැරැලිකරුවෝ පවසති.මන්සූර් ඩාව්ට මෙන්ම ලිබියාවේ සිට පැමිණි ආරක්ෂක රථ පෙළට ද නයිගර් රාජ්‍යයට ඇතුළුවීමට ඉඩ සලසා දී ඇත්තේ ටුරේග් කැරැලිකරුවන්ගේ නායක ඇග්ලී ඇලම්බෝය. ඔහු ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ සමීපතම මිතුරෙකි.බටහිර බලවතුන් එක්වී මීට මාස කිහිපයකට පෙර  කැරැලිකරුවන්ට සහාය දක්වමින් ගඩාෆි හමුදාවට ප‍්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ අවස්ථාවේදී ඇග්ලී ඇලම්බෝ සිය ගණනක කැරැුලිකරුවන්ගෙන් යුත් බල ඇණි කිහිපයක් ද සමඟ ලිබියාවට පැමිණි බව වාර්තා විය. මීට සති කිහිපයකට පෙර ලිබියා ආයුධ සන්නද්ධ කැරැුලිකරුවෝ ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවර අත්පත් කර ගත් අවස්ථාවේදී ගඩාෆි සැඟවුණේය. මේ වනතෙක් ඔහු ගැන කිසිදු නිල හෝඩුවාවක් ලැබී නැත.ගඩාෆි අල්ලා දෙන කෙනකුට මුදල් තෑග්ගක් පිරිනමන බවට කැරැලිකාර පාර්ශ්වය නිවේදනය කර ඇති අතර තවමත් ගඩාෆි ගැන හරිහැටි ඔත්තුවක් ලබා දීමට කිසිවෙක් ඉදිරිපත් වී නැත.මේ අතර ගඩාෆිට පක්ෂපාතී නගරයක් ලෙස සැලකෙන බානී වාලීඞ් අත්පත් කර ගැනීමේ මහ සටන ඊයේ දිනය පුරාම කි‍්‍රයාත්මක වූ බවත් කැරැලිකරුවන්ට සහාය පළ කරමින් නේටෝ හමුදාව ගුවන් ප‍්‍රහාර එල්ල කළ බවත් වාර්තා විය. බානි වාලිඞ් නගරය ටි‍්‍රපොලි අගනුවරට කි.මී. 100 ක් දුරින් පිහිටා තිබේ. ටි‍්‍රපොලි අගනුවර ඇතුළු ප‍්‍රධාන නගර රැුසක් අත්පත් කර ගැනීමට ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් සමත්ව සිටියත් ලිබියාවේ නගර හතරක බලය තවමත් ඇත්තේ ගඩාෆි හමුදා අතේය. බානී වාලිඞ් සහ ගඩාෆිගේ උපන් ගම ලෙස සැලකෙන සර්තේ යන නගර ඒ අතරින් දෙකකි. මේ අතර චීනය ගඩාෆි හමුදාවට හොර රහසේ ආයුධ ලබා දී ඇතැයි කැනඩාවේ ග්ලෝබ් සහ මේල් යන පුවත්පත් පෙරේදා (5) වාර්තා කර තිබුණු අතර චීන රජය ඊට ප‍්‍රතිචාර දක්වමින් කියා සිටියේ ඔවුන් එවැනි ගනුදෙනුවකට සම්බන්ධ නොවූ බවය.ග්ලෝබ් සහ මේල් පුවත්පත් වාර්තා කර තිබුණේ ලිබියා කැරැල්ල ආරම්භ වූ අවස්ථාවේදී චීන රජය රහසිගතව ඇමෙරිකන් ඩොලර් මිලියන 200 ක් වටිනා අවි ආයුධ තොගයක් ගඩාෆිගේ හමුදාවලට ලබා දී ඇති බවය.



අදහස් (0)

ගඩාෆි නයිගර් රාජ්‍යයට පලා ගියාදැයි සැකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 694 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 872 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 371 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site