ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගබඩාෆිගේ දියණිය අයිෂා ඇල්ජීරියාවේ රෝහලකදී පෙරේදා (30) දරුවකු ප‍්‍රසූත කළාය. ගඩාෆිගේ බිරිඳ පුතුන් දෙදෙනා හා දියණිය වන අයිෂා කැරලිකරුවන්ගෙන් බේරීම සඳහා අසල්වැසි ඇල්ජීරියාවට පලා ගිය බව පසුගිය සඳුදා හෙළිවිය. ගඩාෆිගේ දියණිය, දියණියක බිහිකළ බව ඇල්ජීරියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන නම හෙළි කිරීමට අකමැති නිලධාරියෙක් පැවසීය. 30 වැනි වියෙහි පසුවන අයීෂා වෘත්තියෙන් නීතිඥවරියකි. ඇය 2004 වසරේ සිට පුණ්‍යායතනයක් පවත්වාගෙන යයි. දේශපාලන කටයුතුවලින් මිදී කටයුතු කළ අයිෂා පසුගිය පෙබරවාරි මාසයේ සිට සිය පියා සංවිධානය කළ රැස්වීම්වලට ද සහභාගි වූවාය. ඊට හේතුව ඇයගේ පියාට එරෙහිව කැරලිකරුවන්ගෙන් තර්ජන එල්ල වීමට පටන් ගැනීමත් සමගය. නේටෝ සෙබළුන් ලිබියාවේ දරුවන් මරා දමන්නේ යැයි ඇය ප‍්‍රචාරක ව්‍යාපාරයක් ද ගෙන ගියාය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගඩාෆි දියණිය ඇල්ජීරියාවේදී දරුවකු ප‍්‍රසූත කරයි