විදුලි ගිටාරය වාදනය කිරීමෙන් විද්‍යුත් තැපැල් යැවිය හැකි අමුතුම තාලයේ උපක්‍රමයක් ගැන වාර්තා වන්නේ ඇමරිකාවෙනි.මේ නිර්මාණය පසුපස සිටින්නේ ඩේවිඩ් නීවල් නම් නව නිර්මාණකරුවෙකි.
තමන්ගේ රැකියාවේ හැටියට බොහෝ වේලාවක් පරිගණකය ඉදිරියේ කිරීමට සිදුවන බැවින් තම විනෝදාංශය වන ගිටාරය වාදනයේ යෙදීමට තමන්ට වේලාවක් නොමැති වන බවත් එයට විසදුමක් ලෙසමේ නිර්මාණය කළ බවත් ඔහු කියයි.
ගිටාරයේ ස්වර සප්තකයෙන් ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර 26 ම ලබාගත හැකි ඇටවුමක් ඔහු නිර්මාණය කර ඇති අතර එය ඔස්සේ ගිටාරය පරිගණකය හා සම්බන්ධ වේ.අනතුරුව ගිටාරය වයනා විට අදාළ අකුරුපරිගණක තිරය මත ලියැවේ.
දැන් තමන්ට රස්සාවත් විනෝදාංශයත් දෙකම එකවර කිරීමේ හැකියාව ලැබී ඇතැයි ඩේවිඩ් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිර්මාණය නම් හොඳඉ ! අපිට තමා ප්‍රශ්නේ ළඟදීම සංගීත පන්තියකට යන්නත් වෙයි වගේ! (ස)
මරුනේ