ගූගල් නිපැයුම්කරුවන් තවත් නව නිපැයුමක් ඉදිරිපත් කිරීමට යයි. ඒ නව සොයාගැනීම වන්නේ දුරකථනය මුදල් පසුම්බියක් ලෙස භාවිතා කිරීමට තාක්ෂණික මෙවලමක් සොයාගැනීමයි.
එම මෙවලම 'ගූගල් වොලට්' ලෙස හදුන්වයි. ජංගම දුරකථනය , 'ගූගල් වොලට්' ඉදිරියට ගෙන ගොස් වරක් සෙළවීමෙන් නෝට්ටු භාවිතයෙන් තොරව මුදල් ගෙවිය හැකියි. මේ සදහා ජංගම දුරකථනයට 'ගූගල් වොලට්' මෘදුකාංගය ඇතුළත් කර තිබිය යුතු වේ.
මෙම මෘදුකාංගය එන්.එෆ්.එස් තාක්ෂණය යටතේ ගොඩනගා ඇත. එන්.එෆ්.එස් තාක්ෂණය යනු කෙටි භුමි පණිවුඩ හුවමාරු ක්‍රමයයි. එන්.එෆ්.එස්. චිප ඇනරොයිඩ් දුරකථන වලට ඇතුළත් කරන බවට නිපැයුම්කරුවෝ පවසති.
මෝටරොල්ලා සහ සැම්සුන් ආයතන අනාගතයේදී මීට සහාය දැක්වීමට එකඟ වී ඇත. අනෙකුත් සියලුම ආයතනද දැන් සහාය දෙයි.
කෙසේවෙතත් මෙම නව සොයාගැනීම වාණිජ ක්ශේත්‍රයේ නව පරිච්ඡේදයක් බව විද්වත්හූ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මෙහෙ එද්දී තව අවුරුදු 20 වත් යයි.ඊට කලින් ආවත් අපේ යටි තල පහසුකම් නැති නිසා ඕක ක්‍රියා කර ගන්න බැරි වෙනවා.අනික ඇමතිලා කියන්නේ ගුගල් පාවිච්චිය නවතන්න කියලනේ.... (ස)
පොකැට්ටුව වීසි කරන ගමන් සල්ලිත් වීසි වෙන ක්‍රමයක් බලනකොට! (ස)