IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගගනගාමියකු වී උඩුගුවනට යන්න මා සූදානම් - ඉරාන ජනපති අහමදිනෙජාද්

දිනෙන් දින ඉදිරියට යන ඉරාන අභ්‍යවකාශ වැඩසටහන යටතේ ඉරාන ගගනගාමියකු ලෙස පෘථිවි කක්ෂයට යෑමට තමන් කැමැත්තෙන් සිටින බව ඉරාන ජනපති මොහොමඞ් අහමදිනෙජාද් පවසයි.
ඉරානය ඔවුන්ගේ අභ්‍යවකාශ වැඩසටහනේ ප‍්‍රගතිය පෙන්නුම් කළේ වඳුරකු සහිත රොකට්ටුවක් ඉකුත් 28 වැනිදා සාර්ථකව පෘථිවි කක්ෂයට යවා එය යළි ගෙන්වා ගැනීමත් සමඟය.
අනාගතයේ දිනෙක ගගනගාමියකු අභ්‍යවකාශයට යැවීමටද ඉරානය බලාපොරොත්තු වෙයි. ලබන ජූනි මාසයේ දී දෙවැනි ධුර කාලයට සමු දී ජනපති ධුරයෙන් ද සමුගැනීමට සූදානම් වන ජනපති අහමදිනෙජාද් පවසන්නේ ඉරානය නියෝජනය කරමින් උඩුගුවනට යන පළමු ගගනගාමියා තමා වීමට තමා කැමැති බවය.

ඉරාන ජනපති (දකුණේ) අභ්‍යවකාශයට යැවුණු වඳුරා බැලීමට ගිය අයුරු



අදහස් (0)

ගගනගාමියකු වී උඩුගුවනට යන්න මා සූදානම් - ඉරාන ජනපති අහමදිනෙජාද්

පෙරේරා Thursday, 07 February 2013 03:45 PM

තවත් පිම්මක් (දී)

:       0       0

සෑම් Thursday, 07 February 2013 03:48 PM

උඩට ගියාම අර කවදාවත් දැකල නැති ලෝකෙ මැව්වයි කියන කෙනා හමුවේවිද? .(ස)

:       0       0

ජනිත් Thursday, 07 February 2013 09:20 AM

ගුවන්ගත වෙන්න ගිහින් දිවංගත වෙයිද දන්නෙ නැ (ස)

:       0       0

ලාල් Wednesday, 06 February 2013 06:10 PM

උඩුගුවනේ පළමු ත්‍රස්තවාදියා වෙයි.(නදී)

:       0       0

අජිත් Thursday, 07 February 2013 04:35 PM

කෑ ගහන්න එපා. අපේ කට්ටියත් කලබල වේවි (ස)

:       0       0

සිල්වා Wednesday, 06 February 2013 01:30 PM

විෂිශ්ඨයි අහමදි,ඒත් පිටසකවලට වඩා ඔබ මේ පෘථිවිය විනාශකාරින්ගෙන් බේරා ගැනීමට දරන උත්සාහය ඊට වඩා වැදගත්. චීනයත් රුසියාවත නැතිනම් ඔබේ රටත් අද ඉරාකයක්. (ස)

:       0       0

මුතුකුඩ Thursday, 07 February 2013 05:26 PM

සෑම්, ඔයාගේ මෝඩ අඥානකම ප්‍රදර්ශනය කරන්න එපා. හැම දේටම බෙහෙත් තිබුණත් මෝඩ අඥානකමට බෙහෙත් නොමැත. (නි)

:       0       0

පිටිගල Wednesday, 06 February 2013 02:09 PM

එහෙනම් ලංකාවෙන් ගියපු ගගන ගාමියත් උඩදිම හමුවේවි (ස)

:       0       0

මුතුකුඩ Wednesday, 06 February 2013 10:35 PM

කොහොමත් හැම අතින්ම ඒ රටවල් දියුණුයි. ලංකාවට නොසෑහෙන්න උපකාර කරපු රටක් තමයි ඉරානය කියන්නේ. නමුත් ලාංකීය සමහරුන්ට ඒ කෙළෙහිගුණය නැහැ. ඒ ඇත්තන්ගේ දියුණුවට අපේ සුභ පැතුම්! (නි)

:       0       0

ෂෙර්ප් Wednesday, 06 February 2013 11:15 PM

අපේ රටේ අය දන්නේ මිනී මරන්න විතරයි(නදී)

:       0       0

දිසා Thursday, 07 February 2013 01:40 AM

ඔයා යන ගමන් අපේ කෙනෙක්වත් එක්කගෙන යන්නකෝ. (නි)

:       0       0

සෑම් Friday, 08 February 2013 12:35 PM

ෂරියා ත්‍රස්තවාදීන්ට ඇමරිකාවෙන් බේරුමක් නැත... (ස)

:       0       0

සෑම් Friday, 08 February 2013 12:38 PM

මුතු , ඔය ඉරානෙන් ලංකාවට කරපු උදව්වකට වඩා කරපු හානිය වැඩියි... මතක නැද්ද? පහුගිය දවස්වල ලංකාවට ගෙනා මත්කුඩු මත්පෙති තොග?????? (ස)

:       0       0

ලංකා Thursday, 07 February 2013 03:52 AM

වදුරා කොයි එක්කෙනාද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 80 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site