IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කස්ත්‍රෝගේ දියණියට ඇමෙරිකා එන්න අවසර දුන්නැයි විරෝධයක්

ඇමෙරිකාවේ එදිරිවාදියකු මෙන්ම කොමියුනිස්ට් රාජ්‍යයක් ද වන කියුබාවේ නායක ෆිදෙල් කස්ත්‍රෝගේ දියණියට ඇමෙරිකාවට පැමිණීමට වීසා ලබා දීමට ඔබාමා පරිපාලනය පියවර ගැනීම ප‍්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයේ දැඩි විරෝධයට හේතු වී ඇත. ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමෙරිකා ජනපතිවරණයේදී ඔබාමාට අභියෝගයක් වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරන රිපබ්ලිකන් අපේක්ෂකයා මිට් රොමී පවසා ඇත්තේ ඔබාමා පරිපාලනය ගත් එම තීරණය ගැන තමා කම්පනයට පත් වූ බවය. ෆිදෙල් කස්ත්‍රෝගේ දියණිය මරේලා කස්ත්‍රෝ, මානව කි‍්‍රයාකාරියක ද වෙයි. ඇය ඊයේ (23) ඇමෙරිකාවට පැමිණියේ සැන් ෆ‍්‍රැන්සිස්කෝ නුවරදී ආරම්භ වූ ලතින් ඇමෙරිකා සමුළුවකට සහභාගී වීමටය. මරේලා කස්ත්‍රෝ සම ලිංගික විවාහ සංකල්පය අනුමත කරන තැනැත්තියකි. ජනපති ඔබාමා ද පසුගියදා මැතිවරණ වේදිකාවක කියා සිටියේ සමලිංගික විවාහ සංකල්පය තමාද අනුමත කරන බවය. ජනපති ඔබාමාගේ එම ප‍්‍රකාශයට ද මිට් රොමීගෙන් දැඩි විවේචන එල්ල විය.



අදහස් (0)

කස්ත්‍රෝගේ දියණියට ඇමෙරිකා එන්න අවසර දුන්නැයි විරෝධයක්

කුමුදු Friday, 25 May 2012 09:21 AM

ඔබ තුමාත් එහෙමද දන්නෑ ??

:       0       0

තරිදු Thursday, 24 May 2012 07:23 PM

එහෙ තියන තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය නිසා වෙන්න ඇති විරෝධය පල කරන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site