සංගත තැටි, මතක චිප ආදියේ ආගමනයත් සමග අමතකව ගිය කැසට් පටිය නව ආරකින් නැවත ලොවට හදුන්වාදීමට ජපානයේ සෝනි සමාගම සැරසේ.
සෝනි සමාගම පවසන ආකාරයට මේ සමග නව කැසට් පටයේ ධාරිතාව ටෙරාබයිට 185 ක් පමණ වේ.එය දැනට ඇති සියලූම ආකාරයේ දත්ත ගබඩා කිරීමේ උපකරණ හා උපාංග වල ධාරිතාවන්ට වඩා දහස් ගුණයකින් වැඩි ගණනකි.
පෙර චුම්භක අංශු ඇතිරීමෙන් තැනූ පටිය වෙනුවට පුළිගු අතුරා තනා ඇති පටියක් මෙම කැසට් පටයේ ඇත.
කැසට් පටයක දත්ත ගබඩා කිරීම සිදුවන්නේ එහි පටියේ අතුරා ඇති අංශු වල පිහිටීම වෙනස් කිරීමෙනි. මෙසේ පිහිටීම වෙනස් කිරීමට කැසට් පට පටිගත කිරීමේ යන්ත්‍ර වලට හැකිය. බොහෝ අවස්ථාවන්හිදී කැසට් පටි වල දත්ත ගබඩා කිරීම සිදුවනුයේ ශබ්ද මාධ්‍යයෙන්ය.
චුම්භක අංශු යොදා තැනූ කැසට් පට සාර්ථක වූවත් එම අංශුන්ට පටිය මත වැඩි ඉඩක් අවැසි වීම නිසා ගබඩා කළ හැකි දත්ත ප්‍රමාණය සීමා සහිත විය.විකල්පය වූ පටියේ දිග වැඩිකිරීම එතරම් සාර්ථක වූයේ නැත.
පුළිගු අතුරා කැසට් පටි නිපදවීමේදී පෙර ඇතිරූ චුම්භක අංශු ගණනට සාපේක්ෂව දෙතුන් ගුණයකින් වැඩි පුළිගු ප්‍රමාණයක් පටියක ඇතිරීමට සෝනි සමාගම සමත්ව ඇත.මෙනිසා එම පටි වල ධාරිතාවද ඉහළ ගොස් තිබේ. පුළිගු අතුරා තනා ඇති හෙයින් මෙම නව පටිවල ගුණාත්මක භාවයද ඉහළ යැයි සොනි සමාගම කියයි.
පුළිගු ඇතිරිල්ල නිසාම අපට සුපුරුදු දුඹුරු කලූ පැහැය නව කැසට් පටියට නැත.එය නිල් පැහැතිය.
කැසට් පට අභාවයට ගොස් ඇතැයි බොහෝ දෙනා සැළකූවද ඒවා තවමත් දත්ත ගබඩා කිරීමේ කටයුතු සදහා යොදාගැනේ. පුස්තකාල හා ශබ්දාගාර වැනි ස්ථාන වල දත්ත ගබඩා කිරීමේ ප්‍රධාන මාධ්‍යයක් වන්නේ කැසට් පටයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද පුලිඟු කියන්නේ ? දන්නා කෙනෙකු පහදලා දෙන්න. (ස)
සමහරු සිංහල ඉගෙනගන්න පංතියකට ගියා නම් හොඳයි කියලා හිතෙනවා (නි)
පුළිගු අතුරන්න පුලුවන්ද වචන දන්නෙ නැත්නම්? (නි)
"මැග්නටික් ක්‍රිස්ටල් පාටිකල්ස්" වලට තමයි ඔය පුළිගු කියන්නෙ. (නි)