IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


කැසට් පටය තිරිහන් කරයි

සංගත තැටි, මතක චිප ආදියේ ආගමනයත් සමග අමතකව ගිය කැසට් පටිය නව ආරකින් නැවත ලොවට හදුන්වාදීමට ජපානයේ සෝනි සමාගම සැරසේ.

සෝනි සමාගම පවසන ආකාරයට මේ සමග නව කැසට් පටයේ ධාරිතාව ටෙරාබයිට 185 ක් පමණ වේ.එය දැනට ඇති සියලූම ආකාරයේ දත්ත ගබඩා කිරීමේ උපකරණ හා උපාංග වල ධාරිතාවන්ට වඩා දහස් ගුණයකින්  වැඩි ගණනකි.

පෙර චුම්භක අංශු ඇතිරීමෙන් තැනූ පටිය වෙනුවට පුළිගු අතුරා තනා ඇති පටියක් මෙම කැසට් පටයේ ඇත.

කැසට් පටයක දත්ත ගබඩා කිරීම සිදුවන්නේ එහි පටියේ අතුරා ඇති අංශු වල පිහිටීම වෙනස් කිරීමෙනි. මෙසේ පිහිටීම වෙනස් කිරීමට කැසට් පට පටිගත කිරීමේ යන්ත්‍ර වලට හැකිය. බොහෝ අවස්ථාවන්හිදී කැසට් පටි වල දත්ත ගබඩා කිරීම සිදුවනුයේ ශබ්ද මාධ්‍යයෙන්ය.

චුම්භක අංශු යොදා තැනූ කැසට් පට සාර්ථක වූවත් එම අංශුන්ට පටිය මත වැඩි ඉඩක් අවැසි වීම නිසා ගබඩා කළ හැකි දත්ත ප්‍රමාණය සීමා සහිත විය.විකල්පය වූ පටියේ දිග වැඩිකිරීම එතරම් සාර්ථක වූයේ නැත.

පුළිගු අතුරා කැසට් පටි නිපදවීමේදී පෙර ඇතිරූ චුම්භක අංශු ගණනට සාපේක්ෂව දෙතුන් ගුණයකින් වැඩි පුළිගු ප්‍රමාණයක් පටියක ඇතිරීමට සෝනි සමාගම සමත්ව ඇත.මෙනිසා එම පටි වල ධාරිතාවද ඉහළ ගොස් තිබේ. පුළිගු අතුරා තනා ඇති හෙයින් මෙම නව පටිවල ගුණාත්මක භාවයද ඉහළ යැයි සොනි සමාගම කියයි.

පුළිගු ඇතිරිල්ල නිසාම අපට සුපුරුදු දුඹුරු කලූ පැහැය නව කැසට් පටියට නැත.එය නිල් පැහැතිය.

කැසට් පට අභාවයට ගොස් ඇතැයි බොහෝ දෙනා සැළකූවද ඒවා තවමත් දත්ත ගබඩා කිරීමේ කටයුතු සදහා යොදාගැනේ. පුස්තකාල හා ශබ්දාගාර වැනි ස්ථාන වල දත්ත ගබඩා කිරීමේ ප්‍රධාන මාධ්‍යයක් වන්නේ කැසට් පටයි.



අදහස් (0)

කැසට් පටය තිරිහන් කරයි

සත්‍යපාල Thursday, 08 May 2014 11:46 AM

මොනවද පුලිඟු කියන්නේ ? දන්නා කෙනෙකු පහදලා දෙන්න. (ස)

:       0       0

ඩීසීඩී Thursday, 08 May 2014 07:18 AM

සමහරු සිංහල ඉගෙනගන්න පංතියකට ගියා නම් හොඳයි කියලා හිතෙනවා (නි)

:       0       0

ඩීසීඩී Wednesday, 07 May 2014 06:36 PM

පුළිගු අතුරන්න පුලුවන්ද වචන දන්නෙ නැත්නම්? (නි)

:       0       0

බණ්ඩාර Friday, 09 May 2014 01:01 AM

"මැග්නටික් ක්‍රිස්ටල් පාටිකල්ස්" වලට තමයි ඔය පුළිගු කියන්නෙ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 289 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2120 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1613 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site