අධි තරංග (අල්ට්‍රා සවුන්ඩ්) හා ත්‍රිමාණ තාක්ෂණයේ මහිමයෙන් මව් කුසයේ සිටිනා බිළිදාගේ පැහැදිලි ඡායාරූප ලබාගත හැකි නවතම මෘදුකාංගයක් නිර්මාණය කර ඇතැයි වාර්තා වේ.

මේ පසුපස සිටින්නේ මොනාකෝහි ග්‍රේස් කුමරි රෝහලේ වෛද්‍යවරයෙකු වන බර්නාඩ් බෙනොයිට්ය.ඔහු

අධි තරංග වල භාවිතයේ ගැන පුරෝගාමියෙකි.

සජීවි ලෙස බිළිදා මව්කුසයේ හැසිරෙන අන්දම පටිගත කිරීමටද මේ මෘදුකාංගයට හැකියාව ඇත.බිළිදා ඈනුම් යවන අයුරු මව්කුසයට පහර දෙන අයුරු සිනාසෙන අයුරු ආදී සියලූ ක්‍රියාකාරකම් සජීවීව නිරීක්ෂණය කිරීමේ හැකියාවද මෙම මෘදුකාංගය ලබාදේ.ඒ සියල්ල ඩී.වී.ඩී පටිගත කර මව්පියන්ට ලබාගැනීමටද හැකියාව ඇතැයි වෛද්‍ය බර්නාඩ් කියයි.

මව් කුසයේ වැඩෙනා කළලය නිරීක්ෂණය කිරීමට අධි තරංග භාවිතා කරනු ලබයි.අධි තරංග ජනකයක් ආධාරයෙන් මව් කුසය වෙතට තරංග එල්ල කරන අතර එම තරංග කුසය විනිවිද ගොස් අභ්‍යන්තරයේ තිබෙනා කළලයේ හැපී නැවත පරාවර්තනය වේ.මෙසේ පරාවරතනය වන තරංගයන් ග්‍රහණය කරගන්නා විශේෂ ග්‍රාහකයක් වන අතර එය විසින් ග්‍රහණය කරගන්නා පරාවර්තනය වන තරංග ආධාරයෙන් කළලයේ ස්වරූපය පිළිඹද දළ සටහනක් ලබා ගැනීමට හැක.

අධි තරංග ආධාරයෙන් ලබා ගන්නා දළ සටහනට වර්ණ ගන්වා ඡායාරූපයක් ලෙස ඉදිරිපත් කිරීමට මේ මෘදුකාංගය සමත්ය.එනිසා පෙර මෙන් නොව හෙට ලොව එළිය දැකීමට සිටිනා සිය බිළිදාගේ සැබෑ ස්වරූපය ඇති සැටියෙන් බලා කියා ගැනීමට මාපියන්ට අවස්ථාව සැළැසේ.

කළලයක දුර්වලතා වේ නම් එය මුලදීම පහසුවෙන් හදුනාගැනීමට වෛද්‍යවරුන්ට ආධාර කිරීම මෙහි ප්‍රධානතම අරමුණ බව මෘදුකාංගයේ නිර්මාතෘ වෛද්‍ය බර්නාඩ් බෙනොයිට් කියයි.