බ්‍රිතාන්‍යයේ ග්ලොස්ටෂයර් ප්‍රාන්ත අධිකරණය ගංජා ජාවාරමෙහි යෙදී හසුවූ පුද්ගලයකුට අපූරු දඩුවමක් දුන්නේය.
ඒ ‘‘මත්කුඩු භාවිතා කිරීමේ ආදීනව‘‘යන මැයෙන් වචන 5000 ක රචනාවක් ලිවීම සදහා ඔහුට අප්‍රේල් මස 4 වැනිදා දක්වා කාලයද දුන් අධිකරණය එදිනට රචනාව අධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වන්නේ නම් මාස 12 ක් සිර දඩුවමකට යටත් වීමට සිදුවනු ඇති බවද පවසා ඇත.
ටෙරී බෙනට් (32) නම් වන විත්තිකරු පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කැරැණේගංජා කිලෝවක් ළග තබා ගැනීමේ චෝදනාව මතය.
අධිකරණයේදී සිය වරද පිළිගත් ටෙරී එසේ කංසා ළග තබාගෙන සිටියේ මිතුරෙකුට දීම සදහා යැයි පවසා ඇති අතර ඒ අනුව අධිකරණය මුලින් තීරණය කර ඇත්තේ ටෙරීව දින 240 ක කාලයක් සමාජ සේවා කටයුතු සදහා යෙදවීමටයි.නමුත් ටෙරී කුඩා කාලයේ අනතුරක් හේතුවෙන් සිය උරහිස් වල ඇති වු ආබාධයක් ගැන පැමිණිලි කිරීම නිසාවෙන් තීරණය වෙනස් කර ඇති විනිසුරු ජුලියන් ලැම්බර්ට් මේ දඩුවම පනවා තිබේ.
‘‘රචනාවක් ලියාපු කාලයක් මතක නැහැ.මේක හොදට ලියන්නත් වෙනවා.නැත්තම් හිරේ යන්න තමයි.මම වෙනස්ම කෝණයකින් මේ මත්ද්‍රව්‍ය ගැන සමාජයේ පවතින අදහස ගැන ලියන්නයි දැනට හිතන් ඉන්නේපවසන්නේ ටෙරීය.
මීට අමතරව වරක් මත්කුඩු භාවිතා කර ඇත්දැයි සොයාබැලීම සදහා වන පරීක්ෂණයකට සතියකට වරක් මුහුණ දීමටද ටෙරීට සිදුවනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම දඩුවමක්. මොනරාගල, තණමල්විල අහුවුණු අයට එහි වටිනාකම ගැන ලියන්න කිව්වනම් ලියාවි පොත් ගණනක්. (ස)
පේනවද එහේ දෙන දඩුවම් අපේ වගේ ඇප දෙන්නේ නැද්ද ? (ස)