IMG-LOGO

’කොවිඩ්’ නීති කඩා ක්ලබ් ගිහිල්ලා

'කොවිඩ් 19' වසංගතය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ පනවා ඇති නීති කඩ කළේ යැයි ෆින්ලන්ත අග්‍රාමාත්‍ය 36 හැවිරිදි සන්නා මරීන්ට චෝදනා එල්ල විය.

අග්‍රාමාත්‍යවරියට චෝදනා එල්ල වූයේ ඇය 'කොවිඩ් 19' ආශ්‍රිතයකු බව දැනගෙනත්, සෞඛ්‍ය නීති කඩ කරමින්, රාත්‍රී සමාජ ශාලාවකට ගොස් විනෝද වූ බවටය. එල්ල වන මෙම චෝදනා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මරීන්, ෆින්ලන්ත වැසියන්ගෙන් සමාව ඉල්ලීමක් ද කළාය.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායිකාව ද වන මරීන්, 'කොවිඩ් 19' සමීප ආශ්‍රිතයකු බවට පත් වූයේ, විදේශ අමාත්‍ය පෙකා හවිස්තෝ 'කොවිඩ් 19' ආසාදිතයකු බව තහවුරු වීමත් සමඟය. පෙකා හවිස්තෝ ආසාදිතයකු බව තහවුරු වීමට පෙර ඔහු සමීපව ඇසුරු කළේ අග්‍රාමාත්‍යවරිය යැයි සෞඛ්‍ය අංශ හඳුනා ගෙන තිබුණි.

ඒ අනුව, රටේ සෞඛ්‍ය නීතී අනුව, 'කොවිඩ් 19' හඳුනා ගැනීමේ පී.සී.ආර්. පරික්ෂණයක් සිදු කර ගන්නා ලෙසත් එහි ප්‍රතිඵල ලැබෙන තුරු හුදෙකලා වී සිටින ලෙසත් සෞඛ්‍ය අංශ, අග්‍රාමාත්‍යවරියගේ රාජකාරි ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් යවා දන්වා ඇත.

චෝදනා එල්ල වූයේ අග්‍රාමාත්‍යවරිය එම පණිවුඩය නෙසලකා යෙහෙළියන් පිරිසක් ද සමඟ හෙල්සින්කි අගනුවර සමාජ ශාලාවකට ගොස් විනෝද වූ බවටය. සමාව ඉල්ලමින් සිදුවුණේ කුමක්දැයි පැහැදිලි කිරීමට ද අගමැතිනිය කටයුතු කළාය.

'කෙටි පණිවුඩය ලැබෙද්දී, මා ළඟ මගේ රාජකාරී ජංගම දුරකතනය තිබුණේ නැහැ. ඒ වනවිටත් මා යෙහෙළියන් සමඟ නිවසින් පිටවී ගොස් තිබුණා. මා පණිවුඩය දැක්කේ යළි නිවසට ආ පසුවයි. එවිට මා වහාම කොවිඩ් පරීක්ෂණයකට යොමු වුණා. එහිදී තහවුරු වුණා මා ආසාදිතයකු නොවන බව. ඒත්, කොවිඩ් 19 පාලනයට සෞඛ්‍ය අංශ පනවා ඇති නීති මා උල්ලංඝනය කළා. එය හිතාමතා කළ දෙයක් නොවෙයි. ඒත් මා එසේ කළා. ඒ ගැන මා සියලු දෙනාගෙන් සමාව ඉල්ලනවා' යැයි අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය හමුවේ පැහැදිලි කළාය.

(ඒ.එෆ්.පී.)



අදහස් (3)

’කොවිඩ්’ නීති කඩා ක්ලබ් ගිහිල්ලා

Dhammika Thursday, 09 December 2021 11:18 AM

ඇයි ළමයො, රාජකාරි දුරකථනය නිතරම ලඟ තියෙන්න ඕන නේද? ඔහොම වැඩ කරන්න එපා. අපේ ලංකාවේ අයනම් ඔහොම නෑ .

:       1       27

JAYATH Thursday, 09 December 2021 11:47 AM

නිදහස් සරල ගැහැනියක් -නායිකාවක් අපේ හාදයොත් එක්ක අහසට පොලොව වගේ අපේ සමහරු ඉන්නවා නෙව මස් මාළු කන්නෙත් නැහැ අඩි පුඩි ගහන්නෙත් නැහැලු නමුත් වැඩ බැරි ටාසන් ල

:       9       16

Viraj Perera Thursday, 09 December 2021 05:14 PM

අපේ රටේ වුණා නම් මේකට කොමිසමක් පත්කරලා...

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 287 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 150 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1796 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site