මිට වසර 30 කට පමණ ඉහතදී වයස අවුරුදු 17 කොලූගැටයෙක් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගංඉවුරක් අසබඩ පැළ කිහිපයක් සිටැවීය.පෙරදා ගැලු ගංවතුරෙන් ගසාගෙන පැමිණි සතුන් රෑනකගේ මළ සිරුරු ඔහු පසෙකය.උන් මියගොස් තිබෙන්නේ දැඩි හිරු රශ්මිය නිසාය.ගංඉවුරක වුවත් පෙනෙන තෙක් මානයක ගහක් කොළක් නොමැත.කෙසේ හෝ ගස් කිහිපයක් හෝ පැළ කරන්නෙමියි සිතා මේ කොලූ ගැටයා වැඩෙහි යෙදෙනුයේ ඒ අරමුණෙන් මෙහෙයවීය.

කාලය ගෙවී ගොස් දැන් 2013 වසරයි.දැන් මේ කොලූගැටයා මැදිවියේය.එදා ගස් කිහිපයක් සිටුවා ආරම්භ කළ කර්තව්‍යය දැන් අක්කර 1360 පුරා පැතිරුණු මහා ගණ වනාන්තරයක් බවට පත්ව හමාරය.

‍‘‘අවුරුදු 15 යි මට මේ හරියේ වනාන්තරයක් ඇති කරන්න සිතෙනකොට.ඒ දවස් වල ගොඩක් අය මට හිනාවෙන එකමයි කරේ.මට කවුරුත් හිටියේ නැහැ. තනියමයි ජීවත් උනේ.අනික් අයගේ කීම නොඅසා  මම මගේ අරමුණ ජය ගන්න වැඩ කළා.මුලින්ම මම ගියා බළධාරීන් හම්බවෙන්න.ඔවුන් කීවේ මේ වැලි සහිත ප්‍රදේශයක් නිසා උණ ගස් වවන්නය කියලා.හරිම අමාරු වැඩක්.ඒත් කොහොමහරි මම ඒක කළා. පස්සේ ගස් වවන්න ගත්තා‘‘.ඒකත් සාර්ථක වුනා.එතකොටයි අනිත් අයට මගේ වැඩේ අගේ තේරෙන්න ගත්තේ‘ පවසන්නේ දැන් 47 වැනි වියේ පසුවන ජඩව් මෝලායි පයෙන්ග් නම් මේ දිරිය මිනිසාය.

විවාපත්ව ඇති මෝලායි සිය බිරිද සමග ජීවත්වනුයේ ඔහුගේ අතින්ම පැළ කරගත් වනාන්තරයේ සාදාගෙන ඇති කුඩා නිවහනකය.සත්ත්ව පාලනයෙන් දිවි ගැට ගසා ගන්නා හෙතෙම වනාන්තරයේ ගස් කැපීමට පැමිණෙන්නන් පළවා හැරීමද සිදුකරයි.

ජෛව විවිධත්වයෙන් අනූන මේ වනාන්තරය ඇති කිරීමට මුල් වූ දිරිය මිනිසාගේ නාමයෙන්ම වනාන්තරය නම් කිරීමටද බළධාරීන් ක්‍රියාකර ඇත.වනාන්තරය දැන් හැදින්වෙනු ලබන්නේ ‘‘මෝලයි වනය‘‘ ලෙසටය.

‘‘අපටත් පුදුමයි මේ මිනිසාගේ හයිය ගැන.ඇත්තම කියනවනම් අප හිතුවේ නැහැ මේ වගේ ප්‍රදේශයක ගස් වවන්න පුලූවන් වෙයි කියලා.ඒත් මොහු එය කරලා පෙන්නුවා.ඔහු ඇත්තටම අප සියලූ දෙනාගේ ගෞරවය ලබන්න සුදුසු කෙනෙක්‘‘ පවසනුයේ ප්‍රදේශයේ වන සංරක්ෂණ නිළධාරී ගුනින් සයිකියාය.