IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොලොම්බියාවේ කාර් බෝම්බයක් පිපිරී 5 ක් මියයති: 39 කට තුවාල

කොලොම්බියාවේ බොගෝටා අගනුවර පෙරේදා (15) සවස කාර් බෝම්බයක් පුපුරා ගිය අතර පස් දෙනකු ඊට බිලිවී, 39 දෙනෙක් තුවාල ලැබූහ. කොලොම්බියාවේ මේ අයුරින් කාර් බෝම්බයක් පුපුරා ගිය දෙවැනි අවස්ථාව මෙයයි. බෝම්බය පුපුරා ගියේ බොගෝටා නුවර කාර්ය බහුල වීදියකය. බෝම්බය පුපුරා යෑමට මොහොතට පෙර කොලොම්බියා ජනපති යුවාන් මැනුවෙල් සැන්ටෝන් එම වීදියේ ගමන් කර තිබුණි. ආරක්ෂක අංශ අනුමාන කරන්නේ බෝම්බය අටවා තිබෙන්නට ඇත්තේ ජනපතිවරයා ඉලක්ක කර ගනිමින් බවය. පිපිරීමට හසුවී ජීවිතක්ෂයට පත්වූ සියල්ලෝම සිවිල් වැසියෝ වෙති.  තුවාල ලැබූවන් අතර එරට හිටපු අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයකු වන ආචාර්ය ෆර්නෑන්ඩෝ ලොන්ඬේනෝ ද සිටින බව ජනපතිවරයා ඊයේ (16) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය. බෝම්බ ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු බාර ගෙන නොමැති නමුත් ආරක්‍ෂක අංශ පවසන්නේ එය එරට කි‍්‍රයාත්මක මත්ද්‍රව්‍ය කල්ලියක සැහැසි කි‍්‍රයාවක් බවය. මෙක්සිකෝවේ මෙන් කොලොම්බියාවේ කි‍්‍රයාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි නිරන්තරයෙන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරයි. නවීන අවි ආයුධවලින් ද සන්නද්ධ ඔවුහු ආරක්ෂක අංශවලට බියක් නොදක්වති. ජනපති සැන්ටෝස්ගේ මෙහෙයවීම යටතේ කොලොම්බියා රජය මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිවලට එරෙහිව සටන් ආරම්භ කර තිබේ. මීට පෙර කොලොම්බියාවේ බොගෝටා අගනුවර කාර් බෝම්බයක් පුපුරා ගියේ 2010 වසරේදීය. ඒ, සැන්ටෝස් ජනපති ධුරයේ දිවුරුම්දී දින දෙකකට පසුවය. එම ප‍්‍රහාරයෙන් නව දෙනෙක් තුවාල ලැබූහ.  බෝම්බය පිපිරී ගිය ස්ථානය.



අදහස් (0)

කොලොම්බියාවේ කාර් බෝම්බයක් පිපිරී 5 ක් මියයති: 39 කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site