IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


කිලෝ මිටරයේ ගොඩනැගිල්ල සෞදියේ

 

සෞදි අරාබියා රජතුමාගේ බෑනා කෙනෙකු, ප්‍රකෝටිපති

අල් වඩීඩ් බින් තලාල් කුමාරයා ලෝකයේ උසම ගොඩනැගිල්ල සෑදීමට යයි.

සෞදි අරාබියාවේ ජෙඩා නුවර කාන්තාර පසුබිම කැරගෙන කිලෝමීටරයක් උසට ඉදිකෙරෙන මෙම නව මහා ගොඩනැගිල්ල නම්කර ඇත්තේ " රාජධානි අටල්ල " ලෙසටයි. 

අද ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙසට පිළිගන්නා එක්සත් අරාබි එමිරේට් හි  ඩුබායි නගරයේ පිහිටි "බර්ජ් කලීෆා" ගොඩනැගිල්ලට වඩා "රාජධානි  අටල්ල " මීටර් 830කින් උස වැඩිවෙයි.

මෙම වසරේදී ඉදිකිරිම් අරඹා 2018 දී වැඩ නිම කිරීමට නියමිතය.

වර්තමාන සෞදි අරාබියානු රාජ්‍යයේ "ධනවත්කම සහ බලවත්කම" සංකේතවත් කෙරෙන කාලයක් පවතින ප්‍රභල නිර්මාණයක් ලොවට හඳුන්වාදීම තමන්ගේ අභිප්‍රාය බව තලාල් කුමරු පවසයි.

 



අදහස් (0)

කිලෝ මිටරයේ ගොඩනැගිල්ල සෞදියේ

නිල්මිණි Wednesday, 27 February 2013 06:12 PM

සංජය, මටත් ගොඩක් දේවල් මැවුණා. ඒත් ඒවා සිහින විතරයි. (නි)

:       1       1

සම්පත් Wednesday, 27 February 2013 06:20 PM

බොරු නම් වලින් පෙනී සිටිමින් අදහස් දැක්වීම ලැජ්ජාසහගතයි. (නි)

:       0       0

ලාල් Thursday, 28 February 2013 08:04 PM

කෙනත් (එක්සත් ජනපදය) ඔයා කියන කතාව ඇත්ත. ඒ විද්‍යා දැනීම සැම හිතකම ඇතිවේවා. බුදුසරණයි. (නි)

:       0       0

සමන් Wednesday, 27 February 2013 02:40 PM

මොනවා හැදුවත් වැඩක් තියෙයිද, කාන්තාවකගේ අතක් දුටුවිටත් හිත් පාලනය කරගන්න නොහැකි නම්. (නි)

:       0       0

සෙනාස් Wednesday, 27 February 2013 07:29 PM

මුන්ට සල්ලි වලට කරන්න දෙයක් නැහැ. මෙහෙ කන්න නැතිව මොනතරම් මිනිස්සු ඉන්නවද?(නදී)

:       0       0

අජිත් Wednesday, 27 February 2013 07:35 PM

නිල්ම්ණි, හොද නංගි වගේ අගහිග නැති සිංහල කොල්ලෙක් කසාද බැදගන්න. දරුවෝ මේ ගොල්ලන්ගේ රුව ලස්සන වුනාට වැඩ ගැන මතක ඇතිනේ.(නදී)

:       0       0

අජිත් Thursday, 28 February 2013 09:49 PM

නිල්මිණි, වැඩිහිටියෙක් දෙන අවවාදයක් පිලි ගැනීම වැදගත් කෙල්ලෙක්ගේ උතුම් ගුනයක්.(නදී)

:       0       0

අමල් සමරවීර මාලදිවයින Wednesday, 27 February 2013 08:37 PM

සැබැවින්ම මෙය හදුන්වන්නේ සැතපුමේ කුළුණ නමින්. ඒ එහි උස කිලොමීටර 1.6 නැතිනම් සැතපුමක උසකින් යුක්ත නිසා. මේ පිළිබදව වැඩිපුර දැනගැනීම සදහා මෙම වෙබ් අඩවියට පිවිසෙන්න. http://en.wikipedia.org/wiki/Kingdom_Tower (නි)

:       0       0

නිල්මිණි Wednesday, 27 February 2013 08:43 PM

අජිත්, ඔයා කියන කතාව ඇත්ත. (නි)

:       0       0

ඉම්රාන් Wednesday, 27 February 2013 03:19 PM

සාගින්නෙන් කෝටි ගණන් මැරෙද්දී කරන මෙවන් වැඩ වලට අල්ලාහ් දෙවිදුන් ඉදිරියේ උත්තර බදින්න වේවි. (නි)

:       0       0

හෂාන් Wednesday, 27 February 2013 10:00 PM

මාර නිර්මාණයක් තමයි (දී)

:       0       0

ඉන්දික-රෝමය Wednesday, 27 February 2013 10:14 PM

හරියට මිස්ටර් බීන් වගෙයි.(නදී)

:       0       0

සම්පත් Wednesday, 27 February 2013 10:57 PM

මෙච්චර දිග එකක් (දී)

:       0       0

ගාමිණී Wednesday, 27 February 2013 11:08 PM

දැන් බරැක් ඔබාමා කිලෝ මීටර් දෙකට එකක් හදයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

ගාමිණී Wednesday, 27 February 2013 11:16 PM

තෙලේ බලෙන් වැජඹෙන සෞදි කුමාරයින්ට මේවත් වැඩද? (නි)

:       0       0

තුෂාර Wednesday, 27 February 2013 11:26 PM

මොනවා කළත් වැඩක් නැහැ හිතක් පපුවක් නැත්නම්. (නි)

:       0       0

මාක් Wednesday, 27 February 2013 04:05 PM

උසට හදන්න පුළුවන් තමා. ඒත් කිලෝමීටරයක් ...! මෙච්චර උසට හදන්න අත්තිවාරම කොච්චර යටට දාන්නද බුදු අම්මෝ ....(ස)

:       0       0

මාර්ක් Wednesday, 27 February 2013 04:05 PM

බුදු අම්මෝ! උසට හදන්න පුළුවන් තමා. ඒත් කිලෝමීටරයක්? මෙච්චර උසට හදන්න අත්තිවාරම කොච්චර යටට දාන්නද ? (නි)

:       0       0

සුපුන් Wednesday, 27 February 2013 11:46 AM

මැද පෙරදිග පාලකයෝ මිනිසුන් වෙනුවෙන් යමක් කරනවා. (නි)

:       0       0

ෂීලා Wednesday, 27 February 2013 11:49 AM

දැන් ඉතින් කට්ටිය මේකේ ඇද කුද එහෙම හොයනවා නෙමෙයි ඔන්න. (නි)

:       0       0

සූකිරි Wednesday, 27 February 2013 11:51 AM

මැද පෙරදිග රටවල් වල වෙළඳ පොළට ගියාම ‘‘මේඩ් ඉන් ඕමාන්“, යු එස් ඒ, කියලා හදපු භාණ්ඩ ගොඩක් තියෙනවා. මේවා කරන්නේ පිටින් ගිය ශ්‍රමිකයෝ.. නමුත් ඕන නම් මෙයාලට ඒකත් නොකර ඉනන තිබුනා.. අපේ වෙළඳ පොළට ගියොත් තියෙන්නේ ඉන්දියාවේ බඩු...(ස)

:       0       0

නිල්මිණි Wednesday, 27 February 2013 04:12 PM

මෙයාව විවාහ කරගන්න හිතෙනවා.. ලස්සන කොල්ලා.. (ස)

:       0       0

රිෂාන් Wednesday, 27 February 2013 11:59 AM

අල්ලා දෙවියන්ගේ පිහිටයි...!(ස)

:       0       0

ශාන්ත Thursday, 28 February 2013 12:49 AM

දුක් මහන්සිවෙලා හම්බු කරපු මුදල් වලින් පවුලෙ අයට සැප විදින්න පුලුවන් තැනක්. (නි)

:       0       0

කෙනත් (එක්සත් ජනපදය) Thursday, 28 February 2013 02:37 AM

රූපය දකින ඇසෙහි ඇතිවන ඒ ගැන ඇතිවන දැනීම විද්‍යා පහළ කරගෙන අනිත්‍ය, දුක්ඛ,අනාත්ම වශයෙන් දැක්කොත් එකෙන්හිම තණ්හාව පහළ නොවේ, උපදාන නොවේ,භාවය ඇති නොවේ, උපතක් නැත, ජාති ජරා මරණ රෝග දුක් පීඩා අවසන් වේ. විදින්නෙක් නැත්නම් දුකක් කොහෙද පවතින්නේ? (නි)

:       0       0

අනුර Wednesday, 27 February 2013 04:36 PM

අපරාදේ සල්ලි. මැරෙනවා කියලා හිතන්නේ නැතිව ඇති. ඒකයි.(නදී)

:       0       0

සිල්වා Wednesday, 27 February 2013 04:50 PM

තලාල් කුමරු කියන්නේ හොද කෙනෙක් කියලා මමත් දන්නවා. (නි)

:       0       0

රවින්ද්‍ර Wednesday, 27 February 2013 01:10 PM

ලෝකයේ ලොකුම ගොඩනැගිල්ල හදන්න අවු. 4යි.. අපේ අයට බෝක්කුවක් හදන්න අවු. 2යි (ස)

:       0       0

සංජය Wednesday, 27 February 2013 05:06 PM

නිල්මිණි, වෙන මොකුත්ම හිතුනේ නැද්ද?(නදී)

:       0       0

ශීලා Wednesday, 27 February 2013 05:09 PM

මොනවා අවුරැදු හතරයි! අපේ හයිවේ එකට අවුරුදු 30යි. කටුගස්තොට පාලමට අවුරුදු 8යි. (නි)

:       0       0

ගාමිණී Wednesday, 27 February 2013 05:17 PM

ගොඩනැගිලිවලට අහස්යානා යවල බිද හෙලන ත්‍රස්තයින්ට කප්පන් ගෙවන්නත් සිදුවෙයිද කියන්න බැහැ.(නදී)

:       0       0

සිල්වා Wednesday, 27 February 2013 05:17 PM

මේගොල්ලෝ කොච්චර නවීන ගොඩනැගිලි හැදුවත් මෙයාලගේ මානසිකත්වය තියෙන්නේ ගල යුගයේ. අපොයි ඔය පැත්ත පළාතේවත් යන්න එපා. අමාරුවේ වැටුනොත් ජනාධිපතිටවත් බේරන්න බැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායල යුද කැබිනට්ටුවේ බෙදීමක්
2024 මැයි මස 19 52 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහි ප්‍රහාර ආරම්භ කළ අවස්ථාවේ යුද කැබිනට් මණ්ඩලයක් පිහිටුවීය. යුද්ධය සම්බන්ධයෙන් සියලු තීන්දු තීරණ ගන්නේ ම


වියට්නාම් මහජන ආරක්ෂක ඇමැති ජනපති වෙයි
2024 මැයි මස 19 37 0

වියට්නාමයේ පුරප්පාඩුව පැවැති ජනපති ධුරයට, එරට ආරක්ෂක ලේකම් 66 හැවිරිදි ටෝ ලාම් නම් කිරීමට, එරට කොමියුනිස්ට් පක්ෂ පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.


රුසියාවත් ඉන්දියාවත් අතරේ වීසා ඕනෑ නැහැ
2024 මැයි මස 19 50 0

ඉන්දියාවත් රුසියාවත් අතරේ සංචාරය කරන සංචාරකයන්ට වීසා රහිතව ඔවුන්ගේ ගමන් බිමන් සිදු කර ගැනීමට අවශ්‍ය පසුබිමක් සකස් කර දීමට දෙරට අතරේ එකඟත්වයක් ඇතිකරග



බාමියන් නගරයේ වෙඩි තැබීමක්
2024 මැයි මස 19 26 0

ඇෆ්ගනිස්තානයේ බාමියන් පළාතේ බාමියන් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් විදේශිකයන් තිදෙනකු සහ ඇෆ්ගන් ජාතිකයකු මියගිය බව පැවැසෙයි.


රෆා නගරයේ ලක්ෂ 8 ක් අවතැන්
2024 මැයි මස 19 19 0

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල ද විරෝධය නොතකා ඊශ්‍රායලය ගාසා තීරයේ දකුණු දෙසින් පිහිටි රෆා නගරයට පහර දෙයි. එම ප්‍රහාර හේතුවෙන්, මේ වනවිට රෆා නගරයේ ලක්ෂ 8 කට ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 797 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2351 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2015 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site