සෞදි අරාබියා රජතුමාගේ බෑනා කෙනෙකු, ප්‍රකෝටිපති

අල් වඩීඩ් බින් තලාල් කුමාරයා ලෝකයේ උසම ගොඩනැගිල්ල සෑදීමට යයි.

සෞදි අරාබියාවේ ජෙඩා නුවර කාන්තාර පසුබිම කැරගෙන කිලෝමීටරයක් උසට ඉදිකෙරෙන මෙම නව මහා ගොඩනැගිල්ල නම්කර ඇත්තේ " රාජධානි අටල්ල " ලෙසටයි. 

අද ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙසට පිළිගන්නා එක්සත් අරාබි එමිරේට් හි  ඩුබායි නගරයේ පිහිටි "බර්ජ් කලීෆා" ගොඩනැගිල්ලට වඩා "රාජධානි  අටල්ල " මීටර් 830කින් උස වැඩිවෙයි.

මෙම වසරේදී ඉදිකිරිම් අරඹා 2018 දී වැඩ නිම කිරීමට නියමිතය.

වර්තමාන සෞදි අරාබියානු රාජ්‍යයේ "ධනවත්කම සහ බලවත්කම" සංකේතවත් කෙරෙන කාලයක් පවතින ප්‍රභල නිර්මාණයක් ලොවට හඳුන්වාදීම තමන්ගේ අභිප්‍රාය බව තලාල් කුමරු පවසයි.