පවතින අර්බුදයට ස්ථිරසාර විසඳුමක් සෙවීමේ අරමුණින් ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් සමඟ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වීමට සිරියානු රජය සූදානම් බව එරට විදේශ ඇමැති වලීඞ් අල් මුවාලීම් නිවේදනය කළේය.
සිරියානු විදේශ ඇමැතිවරයා මේ බව කියා සිටියේ රුසියාවේ මොස්කව් නුවරට පැමිණි අවස්ථාවේදීය.
ඔහු රුසියාවට පැමිණියේ රුසියානු රජය සමඟ රටේ හටගෙන ඇති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය. සිරියානු රජයට සහාය පළ කරන ලෝක බලවතකු වන්නේ රුසියාවයි.
සාකච්ඡා පැවැත්වීමට සූදානම් නමුත් ත‍්‍රස්තවාදයට සිරියාව තුළ හිස එසවීමට කිසිසේත් ඉඩ නොදෙන බව සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් තරයේ කියා සිටින බව ද විදේශ ඇමැති වලීඞ් අල් මුවාලීම් අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd