පවතින අර්බුදයට ස්ථිරසාර විසඳුමක් සෙවීමේ අරමුණින් ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් සමඟ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වීමට සිරියානු රජය සූදානම් බව එරට විදේශ ඇමැති වලීඞ් අල් මුවාලීම් නිවේදනය කළේය.
සිරියානු විදේශ ඇමැතිවරයා මේ බව කියා සිටියේ රුසියාවේ මොස්කව් නුවරට පැමිණි අවස්ථාවේදීය.
ඔහු රුසියාවට පැමිණියේ රුසියානු රජය සමඟ රටේ හටගෙන ඇති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය. සිරියානු රජයට සහාය පළ කරන ලෝක බලවතකු වන්නේ රුසියාවයි.
සාකච්ඡා පැවැත්වීමට සූදානම් නමුත් ත‍්‍රස්තවාදයට සිරියාව තුළ හිස එසවීමට කිසිසේත් ඉඩ නොදෙන බව සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් තරයේ කියා සිටින බව ද විදේශ ඇමැති වලීඞ් අල් මුවාලීම් අවධාරණය කළේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කැරැලිකරුවන් සමඟ සාකච්ඡා පවත්වන්න සිරියා රජය සූදානම්