රටේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන කැරැුලිකරුවන්ට එරෙහිව රජයේ හමුදා ගෙන යන සටන් ඉක්මණින්ම අවසන් වනු ඇති බවත්, කැරැුලිකරුවන් පරාජය කිරීමට හමුදාවට හැකි වනු ඇති බවත් සිරියා අගමැති වෙල් අල් හල්කී පවසයි.
සිරියා අගමැතිවරයා ඊයේ (22) මේ බව කියා සිටියේ, එරට සානා පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේදීය. අගමැතිවරයා එසේ කීවේ සිරියා ලෙබනන් දේශසීමාව අසල පිහිටි කැරැලිකරුවන්ගේ බලකොටුව ලෙස සැළකෙන කුසයාර් නගරය අත්පත් කරගැනීමට රජයේ හමුදා සමත් වීමත් සමඟය.
කුසයාර් නගරය අත්පත් කර ගැනීමට සිරියානු රජයේ හමුදාවත්, කැරැලිකරුවනුත් අතර දින දෙකක් පුරා සටන් පැවැතුණි. සිරියානු රජයේ පුවත් සේවා පැවැසුවේ රජයේ හමුදා සෙබළුන් 700 කට වැඩි පිරිසක් එම මෙහෙයුමට එක් ව සිටි බවය.
ඔවුහු කැරැලිකරුවන්ට පහර දීමට ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා සහ කෙටි දුර මිසයිල ද භාවිතා කළහ. හමුදාව එල්ල කළ ප‍්‍රහාරවලින් කැරැුලිකරුවෝ දෙසීයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
කුසයාර් නගරය අත්පත් කර ගැනීමට දියත් කළ මෙහෙයුමේදී ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ සටන්කාමීන් ද සිරියානු රජයේ හමුදාව සමඟ එක් වී සිටි බව වාර්තා විය. හිස්බුල්ලා සංවිධානයට අයත් වන්නෝ ෂියා මුස්ලිම්වරුය. ලෙබනනය කේන්ද්‍රකොට ගත් එම සංවිධානය ඊශ‍්‍රායලයේ පරම සතුරා වන ඉරානයේ සමීප මිතුරෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිස්බුල්ලා නෙමෙයි රෙඩ්බුල්ලා ආවත් ලංකාවට අත තියන්න දෙන්නේ නැහැ, සිංහලයෝ එකා පිට එකා මැරී වැටුනත්. (නි)
අනෙ නිකන් ගොන්පාර්ට් දාන්නෙ නැතුව ඉන්න සඳරුවන් .ඒක ඒ රටෙ ප්‍රශ්නයක්.(නදී)
ලංකාවට එන්න ලංකාවේ මොනවා තියනවා කියලද සඳරුවන්? තෙල්, රත්තරන්, දියමන්ති, යුරේනියම්,ප්ලූටෝනියම්... මැණික් තියෙන්නෙත් ඉතාම ටිකයි. අඩුම ගානේ හොද වෙළදපලක්.... (නි)
තමන්ගේ රටට අගෞරව කරන්න එපා ලසන්ත. ඔයත් ඉන්නේ මේ රටේමනේ.(නදී)
මේ ප්‍රශ්ණය අපට අදාල නොවුනත්,ඇමරිකාව ඇතුලු බටහිරයන්ට මරු පහරකි. මෙයත් ලෝකයේ බල තුලණයේ අත්හදා බැලීමකි. එම නිසා අප කලබල වියයුතු නැහැ. (නි)
කරන්න පුළුවන් නම් හොද දෙයක් (අ)
ජනා,ඉපදුන මව්බිමට ගරහන ඔයා අන්තවාදියෙක්. මේ වගේ අය වහාම රටින් පිටුවහල් කළ යුතුයි, තම්බිත් එක්ක ජීවත් වෙන්න. (නි)
ලංකාවේ වගේ කයිවාරුකාරයන්ගෙන් නම් අඩුවක් නැහැ වගේ (නි)
නියමයි. ජය වේවා! (නි)
අරාබියේ සතුරා සිටින්නේ අරාබියේමයි (නි)
නැහැ සදරුවන්, මෙතන අනවශ්‍ය ප්‍රස්නයක් මතුකලේ ඔබයි. ප්‍රශ්නයට අදාලව අදහස් දක්වන්න.ජනා කිවුවා වගේ මෝඩ කතා කියන්නේ නැතුව (නි)
හැබැයි ලංකාවට ඇමෙරිකාව ගහන්න එන්නේ නැහැ. මොකද මිත්‍ර රටක් නිසා. නමුත් සත්‍ය නම් අපිට වෙන්නේ කළු ගලේ ඔලුව ගහගන්න. ඒකේ ආයේ දෙකක් නැහැ.පේනවනේ දැන් ඇමෙරිකාවට ඕනෑ විදියාට තමා සියල්ල සිද්ධ වෙන්නේ. (නි)
ලංකාවට තහංචි දාලා ලංකාවේ ආර්ථිකය දිය කරන්න හදන්නේ ලංකාව දියුණු වෙද්දී ආසියාවේ දියුණුව වේගයෙන් ඉහල ගිහින් ලංකාව වටා ඇති රටවල් දියුණු වෙන කොට යුරෝපයෙය් අමෙරිකාවෙයි රැකියා ප්‍රශ්න ගොඩක් ඉහලට ගිහින් ඒ රටවල් දුප්පත් පැත්තට හැරෙන එක නවත්වන්න. මීට කලින් ලංකාවේ ආණ්ඩු එක එක විදිහට මිනි මැරුවා. එතකොට ලංකාව ගැන සහ ලංකාවට ප්‍රශ්න දාන්න තරම් ලංකාවේ ලොකු ආර්ථික දියුණුවක් තිබුනේ නැහැ. දැන් බලා ඉද්දි දියුණු වෙන දවල් රැ නැතුව වැඩ කරන නායකයෝ කිහිප දෙනෙක් මේ ආණ්ඩුව අරන් යන්නේ. මේක ඇමෙරිකාවටත් යුරෝපයටත් පෙන්නේ ඒ ගොල්ලන්ට වදින මරු පහරක් කියලා.(නදී)