පසුගියදා දකුණු කොරියාවේ සෝල් නගරයේ ප්‍රසිධද්ධවූ වාර්තා අනුව දැනට එරට වැඩියෙන්ම අලෙවිවන්නේ බෞද්ධ පොත පත බව සඳහන්වෙයි.
එඅතරින් වඩාත්ම ජනප්‍රිය පොත බවට පත්ව ඇත්තේ හය්මින් හිමියන් විසින් රචිත "විවේකයක් ලද විට දකින දේ" නම්වු ග්‍රන්ථයයි. පසුගිය වසර තුල එම පොතේ පිටපත් විසි ලක්ෂයක් අලෙවිවී ඇත.
කොරියාවේ විශාලතම පොත් වෙළඳ සමාගම වන කොයෝබෝ සාප්පුව පවසන්නේ ගිය වසරේ වැඩියෙන්ම අලෙවිවු පොත් සියයෙන් මුලට පැමිණ ඇති පොත් පහක්ම රචනාකර ඇත්තේ බෞද්ධ භික්ෂු භික්ෂුනීන් වහන්සේලා විසින් බවයි.
මෙයින් පෙනීයන්නේ බුදුන්වහන්සේගේ ධර්මය කෙරෙහි දකුණු කොරියාවේ වැඩිදෙනා අතර වෙනදා නොතිබුන උනන්දුවක් ඇතිවී තිබෙන බව එම වාර්තාවෙන් දක්වා ඇත.
දකුණු කොරියා ඈත අතීතයේ බෞද්ධ රටක් විය. අද එහි වැඩි දෙනා කතෝලිකයෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා සතුටු දායක ( දී)
ලෝකයේ බහුතරයට දැන් ඇත්ත කුමක්ද කියලා වැටහෙනවා. ආතර් සී ක්ලාක් මහතා කිවූ ලෙස 2050 ලෝකයේ බහුතරය බෞද්ධයෝ වේවි.(නදී)
කොරියාවේ වැඩ කරන තරුණ පිරිසත් ධර්ම ප්‍රචාරයට ලොකු වෙහෙසක් දරනවා. (නි)
ඇත්තටම හොද වැඩක් (දී)