දකුණු කොරියාවට සහ ඇමෙරිකාවට පහරදෙන බවට උතුරු කොරියාව දිගින් දිගටම තර්ජනය කිරීමත් සමඟ කොරියානු අර්ධ ද්වීපයේ හටගෙන ඇති ‘නොසන්සුන්කාරී’ තත්ත්වය කඩිනමින් අවසන් කිරීමට සැවොම එකමුතුව කි‍්‍රයා කළ යුතු බවත්, එසේ නොවුණහොත් මුළු මහත් ආසියානු කලාපයම අවුල් ජාලයක් වනු ඇති බවත් චීන නව ජනාධිපති සී ජිංපින් බිය පළ කරයි.
චීන නව ජනපතිවරයා මේ අදහස් පළ කළේ පෙරේදා (7) ඇරැඹුණු වාර්ෂික ජාත්‍යන්තර ආර්ථික සමුළුව ඇමැතූ අවස්ථාවේදීය.
-”ආසියානු කලාපයේ ස්ථාවරත්වයට අලූත් අභියෝග එල්ල වෙලා. ඇමෙරිකාවේත් දකුණු කොරියාවේත් උතුරු කොරියාවේත් පටු අරමුණු නිසා කලාපයේ ස්ථාවරත්වය නැති වීමට ඉඩ දිය යුතු නැහැ” යැයි ජනපති සී ජිං පින් එම අවස්ථාවේදී අවධාරණය කළේය.
උතුරු කොරියාවෙන් එල්ල වන එම තර්ජන සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කසන්නල්ලට පත් ව සිටින බවත්, උතුරු කොරියාවේ සිටින චීන තනාපති නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට උතුරු කොරියානු රජය කටයුතු කළ යුතු බවත් ජනපති සී ජිං පින් වැඩි දුරටත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd