IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කොරියා යුද උණුසුම පහවන තෙක් ඇමෙරිකා මිසයිල අත්හදාබැලීම නවතී

කොරියානු අර්ධද්වීපයේ හටගෙන ඇති යුද උණුසුම පහව යනතෙක් අන්තර් මහද්වීපික බැලස්ටික මිසයිල අත්හදා බැලීම ප‍්‍රමාද කරන බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් චක් හේගල් ඊයේ (7) පැවැසීය. 
කැලිෆෝනියා ප‍්‍රාන්තයේදී මෙම මිසයිල අත්හදා බැලීම සිදු කිරීමට නියමිතව තිබිණි. ඒ, එළැඹෙන මැයි මාසයේදීය. ඇමෙරිකානු මිසයිල අත්හදා බැලීම කොරියානු අර්ධද්වීපය යුද්ධයකට ඇද දැමිය හැකි බවට ජාත්‍යන්තර ප‍්‍රජාව අදහස් පළ කිරීමත් සමඟ ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා මෙම තීරණය ගෙන ඇත.
මිසයිල අත්හදා බැලීම සිදු කිරීමේ අරමුණ වූයේ ඇමෙරිකාව සතු අවිවල තත්ත්වය පරීක්ෂා කිරීමට පමණක් බවත් එය වෙනත් රටක් කුපිත ගැන්වීමේ ප‍්‍රයත්නයක් නොවන බවත් ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය පෙන්වාදෙයි.
පසුගිය සති කිහිපය තුළ උතුරු කොරියාවට සම්බාධක පැනවීමත්, දකුණු කොරියාවේ යුද අභ්‍යාසවලට ඇමෙරිකාවේ සහාය හිමිවීමත් සමඟ න්‍යෂ්ටික යුද්ධයක් ඇරඹීමේ අවදානමක් මතු විය. ඉකුත් සතිඅන්තයේදී  යුද්ධයකට සූදානම්වීමක් ලෙස උතුරු කොරියාව සිය නැගෙනහිර වෙරළ තීරය ආසන්න කලාපයේ මැදි දුර මිසයිල කිහිපයක් ස්ථානගත කළේය.
මේ අතර, උතුරු කොරියාවේ රැඳී සිටින බටහිර රටවල තානාපති නිලධාරීන්ට අපේ‍්‍රල් 10 වැනිදාට පෙර රටින් ඉවත්වන ලෙසත් නියමිත දිනට පසුව ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව තමන් සහතිකවිය නොහැකි බවත් උතුරු කොරියානු රජය පවසයි. 
මෙයට ප‍්‍රතිචාර දැක්වූ බොහෝ රටවල් පැවැසුවේ හදිසියේ තානාපති නිලධාරීන් සිය රට ගෙන්වා ගැනීමට අපේක්ෂාවක් නොමැති බවයි.



අදහස් (0)

කොරියා යුද උණුසුම පහවන තෙක් ඇමෙරිකා මිසයිල අත්හදාබැලීම නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site