පසුගිය මාස කිහිපය තුළ ලෝකයේ ඉන්ධන පරිභෝජනය අඩුවීමෙන් පරිසර දූෂණය සැලකියයුතු ලෙස අඩුවී ඇතැයි නාසා ආයතනය පෙන්වා දෙයි. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ලොවපුරා රටවල් විසින් ක්‍රියාත්මක කර ඇති අගුලු දැමීම් හේතුවෙන් ඉන්ධන පරිභෝජනය ද පසුගිය මාසවල බොහෝ සෙයින් අඩුවිය.
නාසා ආයතනය විසින් සිදුකළ පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේ සිට මේ දක්වා වායුගෝලයේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් මට්ටම 20%කින් අඩුවී ඇති බවයි.පොසිල ඉන්ධන දහනය කිරීමේදී නයිට්‍රජන් ඩයොක්සයිඩ් පිටවන අතර එය වාතය දූෂණය කරන ප්‍රධාන වායුවකි.
මෙම පර්යේෂණය සඳහා පරිඝනකය විසින් නිර්මාණය කරන ලද කොවිඩ් රහිත කාලයක වායුගෝලයේ තත්ත්වය පෙන්නුම් කරන ආකෘතියක් ද යොදාගෙන තිබේ.
රටවල් 46ක නිරීක්ෂණ ස්ථාන 5,756කින් ලැබුණු දත්ත උපයෝගී කරගෙන නිගමන වලට එළඹී ඇත.පර්යේෂකයන් පවසන්නේ ඔවුන් දත්ත ලබාගත් නගර 61න් නගර 50කම වායුගෝලයේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් මට්ටම 20% - 50% දක්වා අඩුවීමක් පෙන්නුම් කරන බවයි.
කොවිඩ් දරුණු ලෙස ව්‍යාප්ත වූ චීනයේ වුහාන් හා ඉතාලියේ ලොම්බාඩි නගරවල නයිට්‍රජන් ඩයොක්සයිඩ් විමෝචනය 60%කින් අඩුවී ඇතැයි පර්යේෂකයෝ පවසති. ඇමරිකාවේ නිව්යෝර්ක්හි වායු දූෂණ මට්ටම 45%කින් අඩුවී තිබේ.ඉන්දියාවේ එය 50%කින් පහත වැටී ඇත.
මෙය ලොවපුරා බිලියන ගණනාවක ජනතාවට පනවා ඇති දැඩි සීමා කිරීම්වල ධනාත්මක බලපෑම්වලින් එකක් බවද නාසා පවසයි.
ඉන්ඩියා ටුඩේ ඇසුරිණි
085
(ඡායාරූප - ඉන්දික අරුණ කුමාර)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කොරෝනාවේ හොඳ පැත්ත නාසා පර්යේෂණයකින් හෙළිවෙයි