ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසන් වරට නව කොරෝනා වයිරස කාර්යසාධක බලකායේ රැස්වීමකට සහභාගී වී ඇත්තේ මාස ගණනකට පෙර යැයි එරට වසංගත රෝග පිළිබඳ ප්‍රධානම වෛද්‍යවරයා වන වෛද්‍ය ඇන්තනි ෆවුචි පවසයි.
වෛද්‍ය ඇන්තනි ෆවුචි යන ඇමෙරිකා එක්සත් ජනපදයේ වසංගත රෝග පිළිබඳ ප්‍රධානම විශේෂඥ වෛද්‍යවරයා වන අතර ඇමෙරිකාවේ ‘කොවිඩ්-19’ කාර්යසාධක බලකායේ සාමාජිකයෙකි.
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොව වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.
ජනාධිපති බල හුවමාරුව සම්බන්ධයෙන් සී.එන්.එන්. රූපවාහිනි සේවයේ ජේක් ටැපර් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෛද්‍ය ඇන්තනි ෆවුචි එම කරුණු සඳහන් කළේය.
සාමාන්‍ය පරිදි බල හුවමාරුවක් සිදු වුවහොත් එය මහජන සෞඛ්‍යයේ යහපතට හේතු වනු ඇතැයි ද මාධ්‍යවේදී ජේක් ටැපර් වෛද්‍ය ෆවුචිගෙන් විමසීය.
‘‘ඔව්, ඇත්ත වශයෙන්ම. අපට ඔවුන් සමඟ වැඩ කරන්න පුළුවන් නම් ඉතාම හොඳ’’ යැයි ඊට පිළිතුරු දෙමින් වෛද්‍ය ෆවුචි කීය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනාධිපතිවරණය පරාජය බාරගන්නැයි මේ වනවිට දැඩි විරෝධයක් එල්ල වී ඇත. කෙසේ නමුත් ජනාධිපති ට්‍රම්ප් පරාජය බාරගැනීම ප්‍රතික්ෂේප කර ඇත.
ජනාධිපති ට්‍රම්ප් ඇමෙරිකාවේ මේ මොහොතේ ඇති වී තිබෙන මහජන සෞඛ්‍ය ව්‍යවසනය සම්බන්ධයෙන් නිහඬව පිළිවෙතක් අනුගමනය කරන බවට ද චෝදනා එල්ල වී තිබේ.
ඒ.එෆ්.පී/රොයිටර්
055
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කොරෝනා කාර්යසාධන රැස්වීම්වලට ට්‍රම්ප් පොල්ල තියයි