IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


කර්ණාටක ප‍්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය කොංග‍්‍රසයට විශිෂ්ට ජයක්

ඉන්දියාවේ කර්ණාටක ප‍්‍රාන්ත මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය අභිබවා විශිෂ්ට ජයක් හිමි කරගැනීමට පාලක කොංග‍්‍රස් පක්ෂය ඊයේ (8) සමත් විය.

කොංග‍්‍රස් පක්ෂය, හිමිකරගත් එම ජයග‍්‍රහණයත් සමඟ පස් වසරක් කර්ණාටක ප‍්‍රාන්තයේ බලය හෙබ වූ භාරතීය ජනතා පක්ෂයට දකුණු ඉන්දියාවේ තමන් සතුව පැවැති එකම ප‍්‍රාන්තයේ බලය අහිමි විය. 

දුෂණ චෝදනා ලැබ ජනතා අප‍්‍රසාදයට පත් වී සිටින කොංග‍්‍රස් පක්ෂය කර්ණාටක ප‍්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට සමත් වීම ඔවුන් ලැබූ සුවිශේෂී ජයග‍්‍රහණයක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

කර්ණාටක ප‍්‍රාන්තයේ ආසන 224 න් අඩකටත් වඩා එනම් ආසන 121 ක් දිනා ගැනීමට ඉන්දීය කොංග‍්‍රසය සමත්විය. මෙතෙක් ප‍්‍රාන්තයේ බලය හෙබවූ භාරතීය ජනතා පක්ෂයට හා ජනතා දාල් පක්ෂයට ආසන 40 බැගින් හිමිවිය.

මීට පෙර කොංග‍්‍රස් පක්ෂයට කර්ණාටක ප‍්‍රාන්තයේ බලය හිමි වී තිබුණේ 1999 වසරේදීය. එම මැතිවරණයේදී ආසන 139ක හිමි කර ගැනීමට කොංග‍්‍රසය සමත් විය. 2004 වසරේදී පැවැති මහමැතිවරණයේදී ආසන 79 ක් හිමිකර ගත් කොංග‍්‍රසයට ජනතා දාල් පක්ෂය හා එක්වී සන්ධානයකට එළඹීමට සිදුවිය. 
2008 වසරේදී පැවැති කර්ණාටක ප‍්‍රාන්ත මැතිවරණයෙන් පසු බලයට පත් වූයේ භාරතීය ජනතා පක්ෂයයි. 

ඉන්දියාවේ අටවැනි විශාලතම ප‍්‍රාන්තය ලෙස සැලකෙන කර්ණාටක ප‍්‍රාන්තය ජනගහනය අතින් නව වැනි විශාලතම ප‍්‍රාන්තය ද වෙයි.

 

කොංග‍්‍රස් පක්ෂ ආධාරකරුවෝ ජයග‍්‍රහණය සමරමින්...

 



අදහස් (0)

කර්ණාටක ප‍්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය කොංග‍්‍රසයට විශිෂ්ට ජයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 323 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16439 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 619 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site