පාකිස්තානයේ කරච්චි නුවර ජාත්‍යන්තර ළමා සෞඛ්‍ය ආයතනයට අයත් රෝහලක පාද හයක් ඇතිව උපත ලැබූ බිලිඳාගේ ජීවිතය බේරා ගැනීමට එහි වෛද්‍යවරු ඉමහත් වෙහෙසක් දරති.
විකිරණ තාක්ෂණ ශිල්පියකු වන ඉම්රාන් ෂාහිල් නැමැත්තාගේ බිරිය මෙම අසාමාන්‍ය දරුවා බිහි කර ඇත්තේ මීට සතියකට පමණ පෙරය.
මෙවැනි දරුවකු බිහිවීම ඉතා දුර්ලභ සිදුවීමක් බවත්, මෙවැනි දරු උපතක් සිදුවන්නේ මවුවරුන් දස ලක්ෂයකට එක් අයකුට බවත් වෛද්‍යවරු පෙන්වා දෙති.
එය අසාමාන්‍ය ජානමය විකෘතියක් නිසා මෙවැනි දරු උපත් සිදුවන බව ද වෛද්‍යවරු පැහැදිලි කරති.
එම දරුවා දෙබිඩි දරුවකු බවත්, එක් දරුවකු තවමත් මෝරා නොමැති බවත් වෛද්‍යවරු වැඩි දුරටත් කියා සිටිති.
දරුවාගේ ජීවිතය බේරා ගැනීම සැක සහිත යැයි රෝහල් බලධාරීහු පවසති.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd