පාකිස්තානයේ ප‍්‍රධාන වෙළෙඳ නගරය ලෙස සැලකෙන කරච්චි නුවර පෙරේදා (19) යළිත් වරක් මැතිවරණයක් පැවැත්වීමට එරට මැතිවරණ කොමිසම කටයුතු කළ අතර එයින් ජයග‍්‍රහණය කළේ ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයයි.
ඉකුත් 11 වැනිදා පැවැති මහ මැතිවරණයේදී කරච්චි නුවර මැතිවරණ වංචා රැසක් සිදුවිනැයි චෝදනා එල්ල වීම හේතුවෙන් කරච්චි නගරයේ මැතිවරණය යළි පැවැත්වීමට පාකිස්තාන මැතිවරණ කොමිසම පියවර ගත්තේය.
කරච්චි නුවර ප‍්‍රචණ්ඩත්වය රජයන නගරයක් ලෙස ප‍්‍රකටය. වාර්ගීක, ආගමික සහ දේශපාලන ගැටුම් එහි බහුලය. පෙරේදා මැතිවරණය පැවැතියේ විශේෂ පොලිස් සහ හමුදා රැකවල් මැදය. කරච්චි නුවර ඡුන්ද මධ්‍යස්ථාන 43 ක් කි‍්‍රයාත්මක විය.
මැතිවරණයට සියල්ල සූදානම් වෙද්දී ඉකුත් සෙනසුරාදා (17) ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක මෙන්ම එහි උප සභාපතිවරිය ද වන සාරා ෂහීද් හුසේන් නානදුනන තුවක්කුකරුවන් දෙදෙනකු එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූවාය.
යතුරු පැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනකු සාරා ෂහීද් හුසේන්ගේ හිසට වෙඩි තබා මරා දැමුවේ ඇගේ නිවස ඉදිරිපිටදීය.
මැතිවරණ රැලියක් අමතමින් සිටිද්දී, අට්ටාලයකින් ඇද වැටී ලාහෝර් නුවර රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටින ඉම්රාන් ඛාන් චෝදනා කළේ සාරා ෂහීද් හුසේන් ඝාතනයට වගකිව යුත්තේ ‘මුටාඩියා කුවාමී’ දේශපාලන පක්ෂය සහ එහි නායක අල්තාෆ් හුසේන් බවය.
කරච්චියේ මේ වනතෙක්ම බලයේ සිටියේ මුටාඩියා කුවාමී දේශපාලන පක්ෂයයි. මිනීමැරුම් චෝදනා ලැබ සිටින අල්තාෆ් හුසේන්, පාකිස්තානයෙන් පිට වී, බි‍්‍රතාන්‍ය රජයේ ආරක්ෂාව ලැබ එරට ජීවත් වෙයි. ඔහු පක්ෂයට නායකත්වය දෙන්නේ බි‍්‍රතාන්‍යයේ සිටය. අල්තාෆ් හුසේන්ට බි‍්‍රතාන්‍ය රජයේ අනුග‍්‍රහය සහ ආරක්ෂාව ලැබෙන නිසා සාරා ෂහීද් හුසේන්ගේ ඝාතනයට බි‍්‍රතාන්‍ය රජය ද වග කිව යුතු යැයි හිටපු කි‍්‍රකට් තරුවක් ද වන ඉම්රාන් ඛාන් චෝදනා කරයි.
ඉකුත් 11 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් හිමිකර ගනිමින් ජයග‍්‍රහණය කළේ හිටපු අගමැතිවරයකු වන නවාෂ් ෂරීෆ් සහ ඔහුගේ ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂයයි. දෙවැනි ස්ථානයට පත්වූයේ වත්මන් ජනපති අසීෆ් අලී සර්දාරිගේ ජනතා පක්ෂයයි. තෙවැනි ස්ථානය හිමිවූයේ ඉම්රාන්ගේ පක්ෂයටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉම්රාන් ඛාන්ට කවදා නමුත් ජය සිකුරුයි. ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොර සාමකාමී පුද්ගලයෙක් බව ජනතාව තේරුම් ගනී ඊළඟ වතාවේ.(නදී)