වෙනිසියුලාවේ හිටපු ජනපති හියුගෝ චාවේස්ගේ දේහය ඉකුත් 15 වැනිදා කැරකස් නුවර වීථි සංචාරයෙන් පසුව හමුදා කඳවුරු පරිශ‍්‍රයේ පිහිටි කෞතුකාගාරයේ තැන්පත් කෙරිණි.
හමුදා සෙන්පතියකු ලෙසින් 1992 වසරේදී චාවේස් මෙහෙයවූ අසාර්ථක කැරැුල්ල දියත් කෙරුණේ ද මෙම හමුදා කඳවුරු පරිශ‍්‍රයේදීය. පිළිකා රෝගය හේතුවෙන් මීට දින 10කට පෙර දිවියෙන් සමුගත් චාවේස්ගේ දේහය මෙහි තැන්පත් කෙරුණේ ලක්ෂ ගණනක් වූ වෙනිසියුලානු වැසියන්ගේ ගරුබුහුමන් මැද කැරකස් අගනුවර වීථි සංචාරය කිරීමෙන් අනතුරුවය.
චාවේස්ගේ දේහය දැවැන්ත කුලූනු සහිත කිරිගරුඬ ශාලාවක තැන්පත් කර ඇත. ‘‘හියුගෝ චාවේස්, බොලිවේරියානු විප්ලවයේ උත්තරීතර නායකයා’’ යනුවෙන් ඒ ශාලාවේ පසෙක ශෛලමය පුවරුවක සටහන් තබා ඇත. ජනපති චාවේස් කළ ප‍්‍රකාශ, ජීවිතයේ වැදගත් සන්ධිස්ථාන නිරූපණය කෙරෙන ඡායාරූප හා ෆිදෙල් කැස්ත්‍රෝගේ ඡායාරූප ද එම ශාලාවේ ප‍්‍රදර්ශනය කර ඇත.
රුසියාවේ ලෙනින්, චීනයේ මා ඕ සේතුං සහ වියට්නාමයේ හෝ චී මින් ආදී ශ්‍රේෂ්ඨ විප්ලවීය නායකයන්ගේ දේහ මහජන ප‍්‍රදර්ශනය පිණිස මේ අයුරින්ම සුරක්ෂිතව තබා ඇත. පසුගියදා පැවැති චාවේස්ගේ අවමංගල උත්සවයට රාජ්‍ය නායකයෝ 30කට වැඩි පිරිසක් සහභාගී වූහ. සෙසු ලතින් ඇමෙරිකානු රටවල රාජ්‍ය නායකයන්ට අමතරව කියුබාවේ විප්ලවීය නායක ෆිදෙල් කස්ත්‍රෝ සහ ඔහුගේ සොයුරු වත්මන් කියුබානු නායක රාවුල් කස්ත්‍රෝ ද අවමංගල්‍යයට සහභාගී වූහ. ලතින් ඇමෙරිකානු රටවලත් කියුබාවේත් චාවේස් හැඳින්වෙන්නේ ‘කස්ත්‍රෝගේ පුත‍්‍රයා’ යනුවෙනි. මීට අමතරව චාවේස් සේම ඇමෙරිකාවට අභියෝගයක් වූ ලෝක නායකයකු වන ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් ද අවමංගල උත්සවයට සහභාගී වූයේය.
|
දේහය තැන්පත් කර ඇති අයුරු. |
2025 අගෝස්තු මස 30
602
0
ශ‍්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
2025 අගෝස්තු මස 22
17514
10
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
2025 අගෝස්තු මස 21
716
0
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කැරකස් නුවර වීථි සංචාරයෙන් පසු චාවේස්ගේ දේහය තැන්පත් කෙරේ