ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සිට එරෙහි එරට කයිරෝ අගනුවර තරීර් චතුරස‍්‍රයේ ඊයේ (11) පැවැති දැවැන්ත විරෝධතා රැලියකට නානඳුනන තුවක්කුකරුවන් පිරිසකගෙන් වෙඩි ප‍්‍රහාරයක් එල්ල වූ අතර ඉන් විරෝධතාකරුවෝ පස් දෙනෙක් තුවාල ලැබූහ. ජනපති මොර්සිට එරෙහිව මේ අයුරින් විරෝධතා ආරම්භ වූයේ ඔහු සහ ඔහුගේ නව රජය අධිකරණය අභිබවා තීරණ ගැනීමේ හැකියාව ලබාදෙන විශේෂ බලතල පවරා ගැනීමට උත්සහ ගැනීම හේතුවෙනි. බලතල පවරා ගැනීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවක් ද කෙටුම්පත් කර ඇති අතර එය සම්මත කර ගැනීමට මොර්සිගේ රජය බලාපොරොත්තු වෙයි. බලතල පවරා ගැනීම සම්බන්ධයෙන් ලබන 15 වැනිදා ජනමත විමසුමක් ද පැවැත්වීමට නියමිතය. විරෝධතා පවත්වන්නේ විපක්ෂ දේශපාලන කි‍්‍රයාකාරීන්ය. ජනාධිපති මොර්සිගේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂ ආධාරකරුවන් සහ ඔවුන් අතර අවස්ථා කිහිපයකදී දරුණු ගැටුම් පැවැතිණි. ඊයේ පැවැත්වුණු විරෝධතාවයට වෙඩි තැබුවේ ද මොර්සිගේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ ආධාරකරුවන් යැයි පොලිසිය අනුමාන කරයි. කෙසේ නමුත් ජනතා විරෝධය මැද තමා වෙත වැඩි බලතල පවරා ගැනීමට ගත් තීන්දුව අත්හිටුවීමට ජනපති මොහොමඞ් මොර්සි පසුගියදා තීරණය කළ ද විරෝධතාවල අඩුවක් දකින්න නොලැබෙයි. ජනපති මොර්සි හමුදාවට බලය පවරා දෙමින් පවසා ඇත්තේ පොලිසිය සමඟ එක්ව කටයුතු කරමින් විරෝධතා මර්දනය කරන ලෙසටය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කයිරෝ විරෝධතාකරුවන්ට වෙඩි ප‍්‍රහාරයක්: 5 කට තුවාල