ඊජිප්තුවේ හමුදා පාලනය අවසන් කරන්නැයි බල කරමින්, එරට කයිරෝ අගනුවර තරීර් චතුරස‍්‍රයේ පැවැති විරෝධතා රැලියකට ආයුධ සන්නද්ධ පිරිසක් පෙරේදා (2) වෙඩි තැබීම නිසා විරෝධතාකරුවන් 11 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
විරෝධතාවට දහසකට වැඩි පිරිසක් සහභාගී ව සිටියහ. ආයුධ සන්නද්ධ පිරිස් පැමිණ වෙඩි තබන්න පටන් ගත් අවස්ථාවේදී විරෝධතාකරුවන් සහ එම පිරිස අතර දරුණු ගැටුමක් හට ගැනිණ. කයිරෝ අගනුවර මෙම ගැටුම් හටගත්තේ ලබන 23 සහ 24 වැනිදා ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබියදීය. එම දිනවල පැවැත්වෙන්නේ ජනපතිවරණයේ පළමු වටයයි.
ඊජිප්තුවේ පාලනය, හමුදා පාලක මණ්ඩලයකට පැවැරුණේ ජනපති හොස්නි මුබාරක් බලයෙන් ඉවත් වීමෙන් පසුවය. හමුදා පාලක මණ්ඩලය එම අවස්ථාවේදී කියා සිටියේ කඩිනමින් ජනපතිවරණයක් පවත්වන බවය. එහෙත් එය දිනෙන් දින ප‍්‍රමා ද විය.
කෙසේ නමුත් ලබන ජූලි මාසයේදී රටේ පාලන බලය ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජයකට භාර දෙන බව හමුදා පාලක මණ්ඩලය පවසා ඇත. පෙරේදා හටගත් ගැටුම් නිසා ඊට බාධාවක් එල්ල වීමේ අවදානමක් ඇතැයි ඊජිප්තු දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ගැටුම් නිසා ජනපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත ඇතැම් අපේක්ෂකයන් තම ප‍්‍රචාරක කටයුතු අත්හිටවූ බව ඊයේ (3) වාර්තා විය. තරීර් චතුරස‍්‍රයේ ගැටුම් හට ගත් අවස්ථාවේදී එය නතර කිරීමට හමුදාව මැළි වූ අතර පොලිසිය එම ස්ථානයට පැමිණ ඇත්තේ එදින සවස් වරුවේය.
2025 දෙසැම්බර් මස 18
171
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කයිරෝ විරෝධතාකරුවන්ට වෙඩි ප‍්‍රහාරයක්: 11 ක් මරුට
මහේෂ් Friday, 04 May 2012 08:29 PM
ඕකට තමයි කියන්නේ කැහි ගෑනි දීලා හොටු ගෑනි ගන්නවා කියලා....